[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

උනන්තැන්නේ බුද්ධපි‍්‍රය නාහිමියෝ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

කළුතර තොටමුණේ, අභිනව ප්‍රධාන සංඝනායක ධුරයට කළුතර දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරාධිපති උනන්තැන්නේ බුද්ධප්‍රිය නාහිමියෝ පත් කරනු ලැබ සිටිති. උන්වහන්සේගෙන් සිදුවන ආගමික හා සමාජීය සේවාව අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් එම පදවිය පිරිනමා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, උඩහේවාහැට, දියතිලක, උනන්තැන්න ග්‍රාමයේ දී 1947 සැප් 27 වන දින ජන්ම ලාභය ලැබූ එගොඩ ගෙදර මුතු බණ්ඩාර නම් වූ කුමරුවා උනන්තැන්න කනිෂ්ඨ විද්‍යාලය හා දියගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. මේ කුමරුවා 1964 සැප්තැම්බර් 11 වැනි දින දියගම ශ්‍රී සුධර්මාකර විහාරස්ථානයේ දී ලබුගම ශ්‍රී ලංකානන්ද අනුනාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් පැවිදි බව ලැබූහ .


නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]