[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 චීවරයේ අභිමානය

චීවරයේ අභිමානය

මිනිස් සමාජය බිහිවූ දා සිට අද දක්වා ම මිනිසාගේ ඇඳුම විවිධාකාර ව පවතී. ආදි කාලීන මිනිසාගේ ඇඳුම ඉතාමත් සුළු වශයෙන් පැවතුණි. එහෙත් ඇතැම් මිසදිටුවාදි නිගන්ඨවාදිහු අදටත් නිර්වස්ත්‍රව ජීවත් වෙති. එය එම ආගම්වාදීන්ගේ ප්‍රතිපත්තියකි.

රජතුමාගේ සිට අහිංසක යාචකයා දක්වාම ලජ්ජා බිය උදෙසා විවිධ ඇඳුම් පරිහරණය කරති. එම විවිධාකාර ඇඳුම් භාවිත කිරීමේ දී අවස්ථා රාශියක්ම දැකිය හැකි ය. ඒවා අතර මංගල ,අවමංගල, විවිධ උත්සව, සීල සමාදාන , සංගීත , බලි තොවිල්, යාග. දේවාල, පූජනීය ස්ථාන, රූප සුන්දර , සුන්දරියන්, කම්කරුවන්, රජයේ විවිධ නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය නාවික, ගුවන් , පෞද්ගලික ආයතන, වෙස් නැටුම්, කාවඩි, මුරකරු, පාසල්, දහම් පාසල්, විවිධ ආගමික පූජකවරු ආදි දහසක් පිරිසකගේ ඇඳුම් විවිධාකාර ලෙස දිනපතාම මෝස්තර ද වෙනස්වෙමින් මහජනතාවගේ පි‍්‍රයභාවයට පත්වී ඇත.

මෙසේ විවිධ ඇඳුම් පිළිබඳ ගිහි සමාජයේ ස්ත්‍රීපුරුෂ සියලු දෙනාම එම මෝස්තර විලාසිතාවට පි‍්‍රයවී ඇත.

එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සිට මහරහතන් වහන්සේලා ඇතුළු අද පැවිදි බව ලබන තැනැත්තාගේ සිට ම චීවරය නැමති (සිවුර) උතුම් වස්ත්‍රය අවිච්ඡින්න වස්ත්‍රය යි. එනම් නොවෙනස් ඇඳුමකි. කඨින චීවරය, අට පිරිකර පිළිබඳව ද විමසීමේ දී මෙහි විශේෂත්වය මනාව ඔප්පුවේ.

වර්තමානයේ අප රටේ වැඩ සිටින සංඝරාජ අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, විවිධ ගෞරව සම්මාන ලාභී තෛ‍්‍රනිකායික මහානායක ශ්‍රෙෂ්ඨ දැන උගත් නූගත් හිමිවරු සහ කුඩා සාමණේර හිමි දක්වාම පරිහරණය කරන චීවරය හෙවත් සිවුර වෙනස් වී නැත. එම සිවුර සැකසීමේ ක්‍රමයක් ඇත. විශේෂයෙන් ම පින් කෙතකට උපමාකර ඇත්තේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං’ වශයෙනි. වෙනසකට ඇත්තේ වර්ණ හෙවත් පාට වශයෙන් කහ, රතු, දුඹුරු ලෙසිනි. එහි වරදක් නොමැත. සැකසීම ඒකාකාර ය. දානයට, පිරිතට, බණට ,පාංශුකූලයට විවිධ උත්සවවලට උපසම්පදා කර්මවලට ආදි සියලුම කටයුතු සඳහා පරිහරණය කරනු ලබන්නේ එකම සිවුර ය. මෝස්තර කලාවක් නොමැත.

බුද්ධ කාලයේ සිට අද දක්වාම සමස්ත ලෝකයේ ථේරවාදී බුදුදහම ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලාගේ චීවරය පිළිබඳව විමසන විට පුදුමාකාර වන්නේ එම සිවුර දැරූ භික්ෂුවක් දුටුවිට උස් පහත් සියලු දෙනාගේ ම ගෞරවයට වන්නාවට යොමුවීමයි.

විශේෂයෙන් ම බාල, තරුණ මහලු කවරකු හෝ පැවිදිවීමට පෙර වැඩිහිටි අයට වැඳ නමස්කාර කොට පැවිදි වෙති. එහෙත් චීවරය දැරූ විගසම මව්පිය වැඩිහිටි සියලුදෙනා ම පමණක් නොව රාජරාජ මහාමාත්‍යවරු පවා එම භික්ෂුවට වැඳීම කරති. එනිසා මෙම චීවරය පුදුමාකාර ය. ගාම්භීර ය. අභිමානවත් ය. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අප රටට දායාද වූ චීවරයේ අභිමානය සම්බුදු සසුන පවතින තාක් කල් පැවතිනු ඇත.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]