[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රටට ම සෙත සදන සිරිපා බිමේ පින්කම්

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළ සමයේ සබරගමු පළාතේ එක්තරා දේව කොට්ඨාශයක් විසූ බවත්, ඔවුන්ගේ නායකයා සුමන නම් වූ බවත් පැවසේ. ඒ සුමන නම් ජන නායකයා බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයේ් දී ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ බව ද මහා වංශයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී දෙවැනි වරටත් බුදුරජාණන් වහන්සේගෙන් සුමන නම් ජන නායකයාට ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වී ඇත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතුව එවකට සැදැහැවත් බෞද්ධ උපාසකයකු වූ ද පසු කාලයේ දී බුදු බව පතා පෙරුම් පුරන්නකු බවට පත් වූ ද සුමන සමන් දිව්‍යරාජයා බුදුරජාණන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් සිදු කළේ ය. ඒ ආරාධනය වූයේ ඉරහඳ පවතින තුරු සැදැහැවතුන්ට පුද පූජා, සත්කාර වන්දනා කිරීම සඳහා සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පද්ම ලාංඡනය පිහිටුවන ලෙස ය. මේ උතුම් ආරාධනය පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සුරම්‍ය වූ පර්වතය මුදුනෙහි ඉන්ද්‍රනීල මාණික්‍ය මත්තෙහි බුදුරජාණන් වහන්සේ වාම ශ්‍රී පාද පද්මය තැබූ කල්හි මැටි පිඩක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ බලයෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරු වූ සිරිපා කමල සලකුණු වූ බව සඳහන් වෙයි. හාත්පස පිහිටියා වූ කඳු පන්තීන් අතරින් අතිශයින් අභිමානවත් වූ කූඨය නිසා ම ‘සමන්ත කූඨය” වී යැයි ද පැවසේ. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘සුමන කූඨ’ වූවා යැයි ද තවත් මතයක් විය. ශ්‍රීපාද පද්මය පිහිටුවීමෙන් අනතුරුව සමන්ත කූටය ශ්‍රී පාදස්ථානය නමින් ද ප්‍රසිද්ධියට පත්වූ බව ද කියැවේ.


දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]