[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද නම් ශාක්‍ය කුමරු බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කළ දිනයේ උපාලි නම් කරණවෑමියා ඇතුළු පිරිස සමඟ පැමිණ පැවිදි විය. ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් වෙත ආයාචනා හතරක් හා ප්‍රතික්ෂේප හතරක් ඉදිරිපත් කර නිත්‍ය උපස්ථායක ධූරයට පත්වූහ.

ආයාචනා හතර ලෙස

තමන් වහන්සේ විසින් කරන ලද ආරාධනා බුදුහිමියන් විසින් පිළිගත යුතු ය,පිටින් පැමිණි කවරෙකු හෝ කැමති වේලාවක බුදුහිමියන් හමුවට පැමිණවිය හැකි විය යුතු ය. කවර හෝ සැකයක් තමන්වහන්සේට ඇති වූ කල්හි එවෙලෙහි ම විචාරීමට අවසර ලැබීම, සහ තමන්වහන්සේ නොසිටි තැනක දෙසූ ධර්මය නැවත වරක් තමන්වහන්සේට දේශනා කිරීම වේ.

ප්‍රතික්ෂේප කරන කරුණු අතර බුදුහිමිට ලැබෙන චීවර තමන්වහන්සේට නොදිය යුතු ය . බුදුහිමිට ලැබෙන පිණ්ඩපාතය තමන්වහන්සේට නොදිය යුතු ය, බුදුහිමි සමඟ එකට ගඳකිලියක විසීමට ඉඩ නොදිය යුතු ය , බුදුරදුන්ට කෙරෙන ආරාධනාවලට තමන්වහන්සේ පිටත් කර නොහැරී ය යුතු ය යන්නයි.

ආනන්ද හිමියෝ ධර්ම භාණ්ඩාගාරික වූහ. බහුශ්‍රැතයන් අතර මෙන්ම ස්මෘතිය ඇති අය අතර අගතනතුර සහ අවබෝධ ශක්තිය ඇත්තවුන් අතර අගතනතුර ලබා තිබේ.

ඉතා දුෂ්කර අවස්ථාවක පවා බුදුරදුන් හැර නොයෑමත්, භික්ෂුණි ශාසනය ආරම්භ කිරීමට පුරෝගාමීත්වය දැරීමත් ආනන්ද හිමියන් විසින් ඉටුකළ මෙහෙවරයන් අතර වේ. වීර්යය වඩා පළමු ධර්ම සංගායනා දිනට පෙර දින රාත්‍රියේ දී රහත්භාවය ලබා පළමු ධර්ම සංගායනාවේ සියලු ගැටලු විසඳීමට කටයුතු කළහ.


මම

අම්මට තාත්තට හුඟක් ගරු කරනවා
ආගමට දහමටත් නැඹුරු වී සිටිනවා
පාසලට ගුරුතුමියට ආදරය කරනවා
හැම දෙනා සමඟමත් හිතවත් ව සිටිනවා

ගොඩක් වැඩ කරන්නට හිත සවිමත් ව ඇත
පාසලේ පොත්වලත් වැඩ බොහෝමයක් ඇත
ඉගෙනුමට මුල් තැන දී වැඩ කරනු ඇත
යහපත් කෙනෙක් ලෙස ජීවිතේ ගෙවනු ඇත


ජාතික කොඩිය

ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයකි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ජාතික කොඩියට ගරු කළ යුතු හේතු රැසක් ඇත. අපගේ ජාතික කොඩිය සිංහල ජාතිය ද, මෙරට ජීවත් වන අනෙකුත් සියලු ජාතීන් ද, බුදු දහම මෙන් ම සියලු ආගම් ද පිළිබිඹු කරයි.

අපගේ ජාතික කොඩියෙන් සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනය ගරුක බව නිර්භීතකම අභිමානය නායකත්වය හා සාධාරණත්වය විදහා දක්වයි.

ධාර්මිකව නිත්‍යානුකූල ව යුක්තිගරුක ව රට පාලනය කරමින් මවුබිමේ ආරක්ෂාව උදෙසා නැඟී සිටීම පෙන්නුම් කරයි.

බුදු දහමේ ඉතා වැදගත් ඉගැන්වීමක් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මූර්තිමත් කරයි.

දෙමළ, මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාතීන් නියෝජනය කරයි.

සියලු ජාතීන් අතර එකමුතුකම ද එකිනෙකා අතර අවබෝධය ද නිරූපණය වෙයි.


අපේ බුදුහාමුදුරුවෝ

වෙසක් සැරසිලි

සෑ රදුන් වහන්සේ

පී.දමිත රක්ඛිත හිමි

03 ශ්‍රේණිය,

ප්‍රඥානන්ද මහ පිරිවෙන

මහරගම

ජෙත්මි සේසදී ජයසේකර

08 ශ්‍රේණිය

ශ්‍රී සුධර්මාවර්ධන දහම් පාසල

අවිස්සාවේල්ල

ගව්රු හසරංග ජයසිංහ

03 ශ්‍රේණිය

සිරි සුචරිත දහම් පාසල

රාගම


දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]