[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මව්පිය ගුණ සිහි කරමු

දස මසක් කුස හොවා මා බිහි කළ අම්මා
සිරුරේ ලේ කිරට පෙරා මා දැඩි කළ අම්මා
පෑව සෙනේ තම දරු කැල තුරුලු කරන් අම්මා
ජීවමාන මහ බඹු වේ මා බිහි කළ අම්මා

කුස තුළ නො දැරුවත් අපමණ වෙහෙස වුණී
අප ගැන සොයා බලමින් නිති වෙහෙස වුණී
දහඩිය හෙළා අප රැකගත් දයාවෙනී
මට ජීවය දුන් පියා වඳිනෙමි හද බැතිනී


උඳුවප් පෝදා වැදගත් සිදුවීම්

 

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සමඟ ප්‍රධාන මෙහෙණින් වහන්සේලා සත් දිනක් සමුදුර තරණය කරමින් , ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් පාත්‍රයක තබා දඹකොළ පටුන වෙත රැගෙන වැඩියහ. තවද මෙරටට කලා ශිල්ප හා අක්ෂර ද මෙමඟින් අපට දායාද වන්නට විය.

සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ මූලිකත්වයෙන් අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් පන්සියයක් පැවිදි කරමින් මෙරට භික්ෂුණි ශාසනය ආරම්භ කිරීමට කටයුතු සිදුවිය.

බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාදය සැදැහැවතුන් විසින් වන්දනාමාන කිරීම ආරම්භ කරනුයේ උඳුවප් පොහොය දින සිට ය.

වගීෂ සඳරැස් ආරියරත්න
9 ශ්‍රේණිය
මධ්‍ය මහා විද්‍යාලය
වාද්දුව


උඳුවප් පොහොය

උඳුවප් පොහොය බෞද්ධයාට ඉතා වැදගත් පොහෝ දිනයකි. සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ලංකා ගමනය, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භවීම, ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්ෂුණී ආරාමය ඇතිවීම, විවිධ වෘත්තිකයන් දඹදිව සිට මෙරටට පැමිණීම වැනි ශාසනික වශයෙන් වැදගත්වූ සිදුවීම් ගණනාවක් මේ පොහෝ දිනය සම්බන්ධව සිදුව ඇත. සිරිපා සමය ඇරඹෙන්නේ ද උඳුවප් පොහොයෙනි.


දානය

අද ඔබ ඇවිත් බුදු මැදුරේ සෙවණ යට
සම්බුදු පියාගේ නව ගුණ මෙනෙහි කොට
දන් පැන් පුදා සැදැහෙන් අවසාන කොට
පින් රැස්කර ගන්නේ අම නිවනටය


සංස්කරණය - නයනා නිල්මිණි

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]