[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක පෝදා 2021-12-27

යහපත් සිතිවිලි

මොනතරම් සැප සම්පත් තිබුණත් සතුරු කරදර වේ නම් ඒ ජීවිතයට නිදහසක් නොවේ යන්න සමාජයේ පොදු මතයයි. මෙහි සතුරන් යනුවෙන් බොහෝ දෙනෙක් අර්ථ ගන්වන්නේ බාහිර සතුරන් ගැන ය. තමන්ගේ දියුණුවට, සැපයට, කීර්තියට, ඊර්ෂ්‍යා කරන, අවස්ථාව ලද වහා තමන්ගේ විනාශය ළඟා කරන, අයහපත ප්‍රාර්ථනා කරන පිරිස් ගැන ය. මෙවැනි සතුරන් තමන්ට කරදර ගෙන දුන්න ද ඊටත් වඩා භයානක විපත් ළඟා කරන සතුරෙක් තමන් හා සමඟම සිටින බව බොහෝ දෙනෙක් නොසිතන කරුණකි. ඒ සතුරා නම් අන් කවරකු හෝ නොව අයහපතෙහි යොදවන තම ‘සිත’ ය. බාහිර සතුරන්ගේ කරදර මේ ජීවිතයට පමණි. එහෙත් තමන් තුළ සිටින සතුරා මේ ජීවිතයෙන් නොනැවතී සසර පුරා තමන් පසුපසම එයි. ඒ අපමණ දුක් විපත් ළඟා කරවමිනි.

අප බුදුරදුන් කළ රජගහනුවර සුප්පබුද්ධ නම් අසරණ මිනිසෙක් විය. ඔහු සැරව ගලන භයානක කුෂ්ඨ රෝගයකින් පෙළුණ අයෙකි. ඒ පෙර කළ අකුසල විපාකයකි.

පෙර ඈත භවයක ධනවත් සිටුවරයකුව උපත ලබා සිටි මොහු පසේ බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි අස්ථානයේ කෝප ගෙන අපමණ රළු බසින් උන්වහන්සේට නිඟා කළේ ය. එම අකුසලය නිසා මරණින් මතු නිරයගාමී වෙමින් අනන්ත සසර දුක් විඳින්නට ඔහුට සිදු විය. ඉන්පසු ගෞතම බුදුරදුන් කල සැවැත් නුවර ඉතා දිළිඳු කුලයක ඉපදුණි. සිරුර පුරා බිබිළි නැඟුණි.

දිනක් තැනින් තැන සිඟමන් යදින අතරතුර හෙතෙම වේළුවනාරාමයට පැමිණියේ ය. සෙනඟ අතර කෙළවරකට වී සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සදහම් ශ්‍රවණය කළේ ය. ධර්ම දේශනාව අවසානයේ ඔහුට උතුම් සෝවාන් මාර්ගයට පත්වන්නට හැකි වුණි.

මෙම මිනිසා සැබැවින්ම සෝවාන් වූයේ දැයි දැන ගනු රිසි වූ සක්‍රයා එතැනට පැමිණ “නුඹ ඉතා දුප්පත් ය. අවලස්සන ය. මම නුඹට ඕනෑතරම් ධන සම්පත් දෙමි. ඒවා ලබන්නට නම් මේ මහ සභාවේ මෙසේ හඬ නඟා කිව යුතු ය. “බුදුරජාණන් වහන්සේ බුදුවරයකු නොවේ. දහම්, දහම නොවේ, සංඝයා, සංඝයා වහන්සේ නොවේ යනුවෙනි.” මේ ඇසූ ඔහු සක්‍රයාට බැණවැදුණේ ය. තෙරුවන් ගුණ ම කීවේ ය. කෙතරම් දිළිඳු වුව ද ධන ලෝබයෙන් ඔහු තෙරුවන් පිළිබඳ වූ ශ්‍රද්ධාව, පහන් සිත දුරුකර නොගත්තේ ය. දහම් අසා යන අතර මඟ දී අනතුරකින් ඔහු මරණයට පත්විණි. දෙව්ලොව ඉපදුණි.

සිත අයහපතෙහි යෙදවීම නිසා, තමන් තමන්ට ම සතුරුවීම නිසා අනන්ත සසරෙහි දුක් විඳින්නට සිදු වූ අයුරුත්, සිත යහපත් සිතිවිලි ඇතිකර ගැනීම නිසා සෝවාන් පලය පවා ලැබ, මරණින් මතු දෙව්ලොව උපදින්නට වරම් ලැබූ අයුරුත් මෙම කතා පුවත අපට කියයි. තමන් තමන්ට මිතුරු වූ කල බාහිර සතුරන් පවා දුර්වල වේ. තමන්ගේ සිත යහපතෙහි මිස අයහපතෙහි යෙදවීම බෞද්ධයාගේ ස්වභාවය නොවේ.

අයහපත් සිතිවිලි නිසා අපවෙතින් මොන තරම් වැරැදි ක්‍රියාවන් සිදුවනවාද? සතුන් මැරීමෙන්, අනුන්සතු දෑ සොරා ගැනීමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, කේළමෙන්, හිස් වචනයෙන් පරුෂ වචනයෙන් වළකින්නට කෙනකුට හැකි නම් ඔහු තමන් තමන්ටම මිතුරු වූවෙකි. දැඩි තණ්හා සිතිවිලි, ක්‍රෝධ සහගත සිතිවිලි දුරුකොට මෛත්‍රී සිතිවිලි ඇතිකර ගත හැකි නම් තමන් තමන්ට ම මිතුරු වූවෙකි. තමන්ට විපත් කරදර පැමිණි කල දුක් වෙමින් හඬා වැටෙනවාට වඩා සිතිවිලි යහපත් කොට තමන් තමන්ටම මිතුරු වීමට ප්‍රඥාවන්තයකු වීම ය බෞද්ධයන් ලෙස අපගේ කාර්යභාරය විය යුතු වන්නේ.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]