[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වෙල්යාය ඉස්මත්තේ මහ ලියද්දේ පිහිටි මාලියද්ද පුරාණ විහාරය

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලියද්ද පුරාණ විහාරය ව්‍යවහාර වර්ෂ 1700 මුල් භාගයේ ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ. වේහැල්ලේ ධම්මදින්න හිමි, කෝන්ගස්තැන්නේ ධම්මපාල හිමි, බඹරැන්දේ බුද්ධරක්ඛිත හිමි, දෙමටපිටියේ සංඝරක්ඛිත හිමි යන ස්වාමීන් වහන්සේලා මාලියද්ද පුරාණ විහාරස්ථ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත් වූ අතර, නෙටොල්පිටියේ අත්ථදස්සි හිමි, හමාරගොඩ රේවත හිමි, විල්පිට සුමංගල හිමි, විල්පිට සාරානන්ද හිමි, බඹරැන්දේ උපතිස්ස හිමි, විල්පිට බුද්ධරක්ඛිත හිමි, බඹරැන්දේ යසස්සි හිමි යන ස්වාමීන් වහන්සේලා මෙම විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ලෙස කටයුතු කොට ඇත.වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාතිලක, ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් ධර්මාචාර්ය කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා කරන ලද කටයුතු හා කරමින් පවතින කටයුතු බොහෝ ය.විහාරස්ථානයේ පෞරාණික බව හා එහි සංස්කෘතික වටිනාකම ගැන සලකා බැලීමේ දී විහාර මන්දිරය මාල තුනකින් සමන්විත වන අතර, මැද මාලයේ දොළොස් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් නමකි. එහිම දෙපස විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ දේව ප්‍රතිමා නෙළා ඇත. ඇතුල් මාලයේ දේව ප්‍රතිමා ඇති කොටසෙහි නුවර යුගයේ චිත්‍රවලින් අලංකාරවත් වී ඇත.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]