[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කම්සැප විඳීමේ සීමාව හඳුනා ගන්න

සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි. මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ. දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි. මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ. සංඛාර දුක්ඛය යනුවෙන් පෙන්වා දෙන්නේ සංස්කාරයන් නිසා හටගන්නා දුකයි. එනම් හේතු ප්‍රත්‍යය නිසා හටගන්නා සියල්ල දුකකි. ඇස කන ආදී පංචේන්ද්‍රියනට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ උපාදානය වීමෙන් දුක් හටගනී. සංඛිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා යනුවෙන් මෙම පංච උපාදානස්ඛන්දය ම දුකක් බව සැකෙවින් පෙන්වා දී ඇත.


උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]