[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පොල සුගුණධජ නාහිමියෝ අනූවියට පා තබති

ගම්පොල සුගුණධජ නාහිමියෝ අනූවියට පා තබති

1931 දෙසැම්බර් 18 වැනිදා ගම්පොළ ඉපිද, 1953 ක් වූ සැප්තැම්බර් 13 වන දින පැවිදි බිමට එළඹි ගම්පොල සුගුණධජ නාහිමිගේ අනූ වන ජන්ම දිනය දෙසැම්බර් මස 18 වෙනිදාට යෙදී තිබේ.

කුඩා කල සිට ම ආගම දහමට දැඩි ලෙස යොමු ව ගමේ පන්සලෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව මොරටුවට පැමිණ උතුම් ශාසනික පැවිද්ද ලද උන්වහන්සේ සිරි සාසනධජ වංතාවතංස සද්ධර්මාචාර්ය, මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, මුලු දිවයිනට ම සාම විනිසුරු, මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හා ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ද වේ.

පැවිදි වූ දා පටන් ශාසනික ප්‍රතිපත්ති ක්‍රියාදාමයන් නිසි පරිදි ඉටු කරමින් 1954 ජූලි 10 වන දා අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත බේරුවල සිරි සුමංගල සිරිනිවාසාභිධාන මහානායක නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා සීලයේ පිහිටුවන එහිමියෝ බෞද්ධ ශාසනයට අපමණ සේවාවක් ඉටු කළහ.

ඉඳීබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරස්ථානයේ පන්සල් ගෙය, බණ මඩුව, ළැගුම් ගෙය ගමේ තරුණ පිරිස සමග එක්ව ගොඩ නඟන්නට උන්වහන්සේ නායකත්වය දුන්හ. අපවත් වූ බෝධිය වෙනුවට යළිත් නව බෝධි අංකුරයක් රෝපණය කර වතාවත් ඉටු කිරීමට උන්වහන්සේ ක්‍රියා කළහ. විහාරස්ථානයේ අඩුපාඩුවක් ව තිබූ චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ගම්වැසි පිරිස එකතු කර ගනිමින් ගොඩනඟා, 1979 වසරේ දී එහි කොත් පැළඳවීමට ද උන්වහන්සේ කටයුතු කළහ. අනූ වියට පිවිසෙන උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]