[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළොම්පුර බොදු පුනරුදයට කැපවන ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

කොළොම්පුර බොදු පුනරුදයට කැපවන ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය දෙසැම්බර් 14 වැනි දිනට යෙදී තිබුණි.

වර්ෂ 1943 දෙසැම්බර් 14 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ ගලබඩ ග්‍රාමයේ උපත ලද නාහිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අග්‍රශිෂ්‍ය වූ දෙවුන්දර ජිනරතන නාහිමියන්ගේ ශිෂ්‍ය වූ දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ සහ දෙවුන්දර රතනජෝති නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිදිබිමට පත් වූහ. පාරිවේණික අධ්‍යාපන කටයුතු නිමවා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් නාහිමිපාණන් වහන්සේ ගංගාරාම විහාරය කේන්ද්‍ර කොට ගනිමින් කොළොම්පුර බොදු පුනරුදයට කැප වූහ.

නාහිමියන් කුඩා කල ගුරු දේවයන් වහන්සේගේ දෑස් නොපෙනී යාම නිසා විහාරස්ථානයෙහි කටයුතුවල නායකත්වය ගැනීමට ඤාණිස්සර හිමියන් හට සිදු වූ අතර මේ නිසා දායකකාරකාදීන් අතර පොඩි හාමුදුරුවෝ යන නමින් ජනප්‍රියත්වයට පත් වූහ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කොට දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ සැමගේ වන්දනාවට ලක් වන පුදබිමක් බවට පරිවර්තනය කළහ. බේරේ වැව මධ්‍යයේ පිහිටි පැරැණි සීමාමාලකය නවීකරණය කිරීමට නාහිමිපාණන් වහන්සේ පුරෝගාමී වූහ. මෙරට බලයට පත් වන සෑම රාජ්‍ය නායකයකුහට ම හිතෛෂීවන්ත ව රාජ්‍ය පාලනය පිණිස නාහිමිපාණන් වහන්සේ අනුශාසනා ලබා දෙති. ජිනරතන කාර්මික විද්‍යාලය ආරම්භ කොට රට පුරා එහි ශාඛා පිහිටුවා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දී රැකියා සඳහා යොමු කිරීම සුවිශේෂී කර්තව්‍යයකි. ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරුවන ආරම්භ කොට දිගු කලක් පවත්වා ගෙන යාමට නාහිමිපාණන් වහන්සේ විසින් මූලිකත්වය ගන්නා ලදහ.

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් බේරේ වැව ආශ්‍රිත වෙසක් කලාප ආරම්භ කිරීමේ ගෞරවය ද නාහිමියන් වෙත හිමි වෙයි. අගනුවර බොදු පෙරහර සංස්කෘතියට නව ආරක් එක් කරමින් ගංගාරාම නවම් පෙරහර ආරම්භ කළහ.

තමා හමුවට පැමිණි කවර තරාතිරමක අයකු හට වුවත් සමානාත්මතාවයෙන් සංග්‍රහ කිරීමත්, රාජ්‍ය නායකයා හට වුවත් කිවයුත්ත නොවළහා කීමටත් නාහිමිපාණන් වහන්සේ පසුබට නොවෙති.

නාහිමිපාණන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කොට සිටිමු.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]