[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සසර පුරා අපිරිසුදු වන සිත පිරිසුදු කරන්නට දිගු කාලීන පුහුණුවක් ඕනෑ

 

අනුපුබ්බේන මේධාවි ථොක ථොකං ඛණෙ ඛණෙ - කම්මාරො රජතස්සේව- නිද්ධමේ මලමත්තනො, ධම්මපද පාලියේ මල වග්ගයේ එන මෙම ගාථාවෙන් අනුක්‍රමයෙන් අපගේ සිත පිරිසුදු කර ගන්නා අකාරය පැහැදිලි කරනවා. බුද්ධ දේශනාවේ මූලික අරමුණ චිත්ත පරිශුද්ධත්වය ඇති කර ගෙන චිත්ත විමුක්තිය සාක්ෂාත් කිරීමයි. අපගේ සිත අනාදිමත් කාලයක සිට විවිධ හේතු කාරණා අනුව අපිරිසුදු බවට පත්වෙලා තිබෙනවා. නිතර නිතර ඉන්ද්‍රියයන්ට ගෝචර වන විවිධ අරමුණු නුවණින් තොරව මෙනෙහි කිරීම නිසා කෙලෙස් සිතිවිලි වර්ධනය වෙනවා. ඒවා අපගේ සන්තානයෙන් ඉවත් කිරීම අප හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා දීර්ඝ කාලීන පුහුණුවක් අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කර තිබෙනවා. ඒ අනුව කෙනකු තමන්ගේ සන්තානයේ පවතින කෙලෙස් ධර්ම ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා. රන් කරුවකු රන්වල තිබෙන විවිධ අපිරිසුදු දෑ රත් කිරීමෙන් හෝ සෝදා ඉවත් කිරීමෙන් හෝ බැහැර කරනවා මෙන් අපත් අපගේ සිත තුළ එක් රැස් වී තිබෙන කෙලෙස් මළ ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා. අනාදිමත් කාලයක සිට කිළිටි වී තිබෙන සිතෙහි පිරිසුදුකම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පළමු පියවර ඉන්ද්‍රිය සංවරය යි. අපගේ ඉන්ද්‍රියයන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන අරමුණු ගෝචර වෙනවා. ඒවා පිළිබඳ අප ගොඩනඟන ආකල්ප හා අදහස් අනුව ඒවායේ බලපෑම තීරණය වෙනවා. යම් රූපයක් ඇසට ගෝචර වූ සැණින් අපගේ සිතත් එයට සම්බන්ධ වෙනවා. අප ඒ පිළිබඳ නුවණින් තොරව කටයුතු කළ හොත් කෙලෙස් සිතිවිලි පරම්පරාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අපට නොදැනීම වර්ධනය වන මෙම විවිධ කෙලෙස් සිතිවිලි අපගේ සන්තානය තුළ තදින් බැසගෙන ස්ථාවර වෙනවා. මේ නිසා සිතේ පවතින ප්‍රභාස්වර ගතිය, පිරිසුදු ස්වභාවය ක්‍රමයෙන් කිළිටි වී එම කිලිටි සිතිවිලිවල බලපෑම නිසා අප කයින්, වචනයෙන් අයහපත් දෑ සිදු කරනවා.


උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]