[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගදීප රාජ මහා විහාරයේ පිරිනිවන් මංචක පිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කෙරේ

නාගදීප රාජ මහා විහාරයේ පිරිනිවන් මංචක පිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කෙරේ
 


නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් පිරිනිවන් මංචක පිළිම වහන්සේට නිධන් වස්තු තැන්පත් කළ අවස්ථාව

උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් නිධන් වස්තු තැන්පත් කරනු ලැබූ අවස්ථාව

නිධන් වස්තු වැඩම කරවූ අවස්ථාව

පදුමකිත්ති තිස්ස නාහිමියන් සහ අරියකිත්ති හිමියන් විසින් ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාට නිධන් වස්තු ලබා දුන් අවස්ථාව

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත වූයේ බුදු රජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ නාගදීප පුරාණ රජමහ විහාරස්ථානයේ ය. එහෙත් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට නොහැකි විය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාගදීපයේ පින්කම් හා වෙනත් ආගමික කටයුතු රැසක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ බොහෝ කටයුතු කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා කල් දමන්නට හෝ අවලංගු කරන්නට සිදු විය.

එහෙත් නාගදීප රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන පිරිනිවන් මංචකයේ වැඩ කටයුතු අඛණ්ඩව සිදු කරන්නට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් කටයුතු කරන ලදී.

ඒ අනුව පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීම වෙසක් පුන් පොහෝ දින සිදු කරන්නට උන් වහන්සේ කටයුතු කළහ.

සංචරණ සීමා මැද සෞඛ්‍යාරක්ෂිතව ජනතා සහභාගිත්වයෙන් තොරව මේ පින්කම සිදු කරන්නට උන් වහන්සේ කටයුතු යොදා තිබුණි.

ඒ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාවික හමුදා නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ අභිනව පිරිනිවන් මංචකයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණ කටයුතු සිදු කෙරේ. නිධන් වස්තු තැන්පත් කිරීම පදුමකිත්ති හිමියන්ගේ සුරතින් හා රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ඒ සියලුම නිධන් වස්තු පදුමකිත්ති හිමියන් විසින්ම සපයා ගන්නා ලදී.

මේ පිරිනිවන් මංචකය උතුරේ ඉදිවන පළමු පිරිනිවන් මංචකය වන අතර ඉදිරි මාස දෙකක පමණ කාලයක දී එහි සියලු වැඩ අවසන් කිරීමට යෝජිත ය.

ඒ සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය සපයනු ලබන්නේ නාවික හමුදාව විසිනි.

පදුමකිත්ති හිමියන්ගේ අනුශාසනා යටතේ මේ කටයුත්තට නාගදීප විහාරවාසී දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ ද සහාය වෙති.

උතුරේ වන්දනීය ස්ථාන අතුරින් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැලකෙන නාගදීප විහාරස්ථානයේ ඉදිවන පිරිනිවන් මංචකය උතුරේ සැතපෙන බුදු පිළිමයක් පවා නොමැති අඩුව ද සපුරා ලනු ඇත.

වෙසක් පොහෝ දින සිදු කෙරුණු මේ උතුම් පින්කමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ එළාර අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ට නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගි වූ අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සිදු කරන්නට නාවික හමුදාව විසින් එහිදී කටයුතු කරන ලදී.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නොහැකි වුවද නාගදීප විහාරස්ථානයේ සෙසු කටයුතු සියල්ල ආගමානුකූලව සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද පදුමකිත්ති හිමියෝ පවසති.

  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]