[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තය

යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ - නතෙ ගමිස්සන්ති අපායං - පහාය මානුසං දෙහං - දෙව කායා පරිපුරෙස්සන්ති, සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරකොට කපිලවස්තු නුවර මහ වනයෙහි වැඩ වසන සේක. එසමයෙහි දස දහසක් ලෝක ධාතූන් හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය ශ්‍රාවකයන් දැකීමට පැමිණියාහු ය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණයාමේ ආනිශංස ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. ඒ බුදුන් සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහු ය. කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබිය දී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව ප්‍රධාන දස දහසක් සක්වළ පුරාවට මංගල සම්මතයෙන් අසිරිමත් දෙතිසක් ප්‍රාතිහාර්යවලින් සියලු සත්වයන්ගේ චිත්ත සන්තාන ප්‍රසන්න වන්නාහ. සාදු නාදයෙන්, තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් තෙරුවන් සරණ යෑමෙන් ලබන ප්‍රතිවිපාක අනන්ත අප්‍රමාණ වන්නේ ය. අප බෞද්ධයන් වශයෙන් අන්‍ය ආගමිකයන් අතර අනන්‍යතාවයෙන් සිටීමට හේතුවන්නේ අවංක චේතනාවෙන්, අචල ශ්‍රද්ධාවෙන්, කුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. තිසරණ සරණ යාම පිළිබඳව ධර්මානුගත ශාස්ත්‍රීය අවබෝධයක් තිබිය යුතු වන්නේ ය. සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද සරණාගමන ඵල, සංකිලේෂ යන කරුණු හය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ නම් වරක් ගත් සරණාගමනය ජීවිතාන්තය දක්වා නොනැසී පවතින්නේ ය. බුද්ධාදී රත්නත්‍රය සරණ යාමෙන් භය, ත්‍රාසය, දුක, පරිලාභ, හිංසනය, භීෂණය නැතිවන බැවින් සත්වයන්ට එකම පිහිට තිසරණ සරණයාම වන අතර එය පිහිට කරගෙන පළමුව, දෙවනුව, හා තෙවනුව සිත කය කැපකිරීම සරණාගමන නම් වන්නේ ය. සරණ ගිය තැනැත්තා සරණාගත නම් වන්නේ ය.


  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]