[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් පිරිනිවන් මංචක පිළිම වහන්සේට නිධන් වස්තු තැන්පත් කළ අවස්ථාව

නාගදීප රාජ මහා විහාරයේ පිරිනිවන් මංචක පිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කෙරේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත වූයේ බුදු රජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ නාගදීප පුරාණ රජමහ විහාරස්ථානයේ ය. එහෙත් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට නොහැකි විය. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාගදීපයේ පින්කම් හා වෙනත් ආගමික කටයුතු රැසක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ බොහෝ කටයුතු කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා කල් දමන්නට හෝ අවලංගු කරන්නට සිදු විය. එහෙත් නාගදීප රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන පිරිනිවන් මංචකයේ වැඩ කටයුතු අඛණ්ඩව සිදු කරන්නට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් කටයුතු කරන ලදී. ඒ අනුව පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීම වෙසක් පුන් පොහෝ දින සිදු කරන්නට උන් වහන්සේ කටයුතු කළහ. සංචරණ සීමා මැද සෞඛ්‍යාරක්ෂිතව ජනතා සහභාගිත්වයෙන් තොරව මේ පින්කම සිදු කරන්නට උන් වහන්සේ කටයුතු යොදා තිබුණි.


  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]