[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මාර සේනාව හඳුනා ගත යුතු ඇයි

තෘෂ්ණාව බරපතළම මාරයා වේ. අපේ ඉන්ද්‍රියයන් මාර උවමනාවන් වෙනුවෙන් නොයොදන්නේ නම් මාරයා අපට පරාජය වේ. මාරයා අප පින් කරනවාට අකමැති නැත. ඔහු අකමැති වන්නේ කුසල් වඩනවාට ය. මන්ද යත් පින් කළත්, පව් කළත් මරණය ළඟාවන නිසා ය. පවිටු මාර යනු කෙලෙස් මාරයා ය. දහමට අනුව දසමාර සේනාව අයත් වන්නේ පවිටු මාර ගණයට ය. මාර සේනාව පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ මහා පධාන සූත්‍රයේ ය. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා කුසල් වඩන අතරතුර මාරයා උන්වහන්සේ ඉදිරියේ පෙනී සිට තථාගතයන් වහන්සේට සඳහන් කරනුයේ ඔබේ ඇඟ කෘෂවී ඇත. ඔබ සතු බ්‍රහ්මචාරී ජීවිතයත් සමඟ ගිනි දෙවියන් පුදා පිනක් දහමක් සිදු කළා නම් සැප විඳිය හැකි බවයි. දස මාර සේනාව - එවිට බුදුරදුන් මාරයා අමතා සඳහන් කරන්නේ එවැනි පිනකින් තමන් වහන්සේට ප්‍රයෝජනයක් නැති බවයි. තථාගතයන් වහන්සේ නැවත මාරයා අමතා දක්වනුයේ, පාපිෂ්ට මාරය නුඹට මාර සේනාව දහයක් ඇති බව ය. මෙම පුද්ගල මාර සහ පවිටුමාර ඉගැන්වීමෙහි දාර්ශනික හරය තම ජීවිතවලට එකතු කරගන්නේ නම් ජීවිත වල්මත් නොවී මිනිස් දිවියේ සැබෑ අරුත ළඟා කරගත හැකි වේ. එය සැබෑම වෙසක් සැමරුමයි. බුදුරදුන් මාරයා අමතා දේශනා කළ ඉහත දැක්වූ මාර සේනාව වර්තමානයේ දී අප හඳුනාගත යුත්තේ එයින් වැළකීම පහසුවන නිසාවෙනි. හඳුනාගත් සතුරාට මුහුණදීම ඉතා පහසුය. යම් විටෙක මාර සේනාව හඳුනා නොගැනීම මත බොහෝ ප්‍රශ්න ගැටලු ඇතිවීම ස්වභාවික ය. ගිහි පැවිදි දෙපක්ෂයටම මෙයින් ලැබෙන සහනය අති විශාල වේ.


  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]