[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නමස්කාර කරමි

නමස්කාර කරමි

ළපටි ලදැල්ලෙන් සැදි
තුරු සෙවණක ඉපදී
වන ගිරි අරණක
ලොව්තුරු සුවයෙන් සැනසී
ගහ කොළ අතරේ
පිරිනිවන් පා වදාළ
මහා ශාන්තිදායකයාණෙනි

ඉරට හඳට අහසට පොළොවට
බියෙන් ත්‍රස්ත වී
බාහිර බලවේගවලට
නොපෙනෙන දේවත්වයට
වහල් මෙහෙවර කළ
ප්‍රාථමික මිනිස් සිත ඉන් මුදවා
කාලාම ආදී සූත්‍ර දේශනාවන්ගෙන්
චින්තන නිදහසේ වැට කොටු සීමා
පවුරු බිඳ හල
මහා විමුක්ති දායකයාණෙනි,

මිනිස් මනසේ
ගැඹුරු අඳුරු
ආගාධයන්ට කිඳා බැස
තමන් විසින්ම
නොබියව
පර්යේෂණ පවත්වා
ප්‍රත්‍යක්ෂ කොටගත්
අප්‍රමාණ ප්‍රඥාවකින්
ගිනිගත් සත් සිත් නිවූ සැනසූ,

විමුක්ති රසයෙන් කුළු ගැන් වූ
කී දේ කළ කළ දේ කී
ශ්‍රේෂ්ඨතම
මාර්ගෝපදේශකයාණෙනි

සාර්ථක සැපවත්
ජීවිතයකට ඇවැසි
මෙනෙහි කළ යුතු නොකළ යුතු
අරමුණු පහදා දී
“තමන් තමන්ට ම ප්‍රදීපයක් විය යුතු”
බව දෙසූ
අසහාය චින්තකයාණෙනි.

අනන්ත විශ්වයේ
කොතැනක සිට බැලුව ද
සදා දිදුලන
මිනිස් පිය සටහන
මිහිමත තැබූ
අසම සම
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස
නමස්කාර කරමි...
සම්මා සම්බුදු රජාණෙනි
නමස්කාර වේවා....
සම්මා සම්බුදු පියාණෙනි

  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]