[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අටලෝදහම් හි නොසැලී සිටින්නට උපේක්ෂා සහගත සිතක් ඇති කර ගන්න

ලාභො අලාභො අයසො යසොච - නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං - එතෙ අනිච්චා මනුජෙසු ධම්මා - අසස්සතා විපරිනාමධම්මා, අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික දිනය ලෙස ද සිහිපත් කිරීම වැදගත් ය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ලෝකධම්ම සූත්‍රයේ සඳහන් වන මෙම ගාථා පාඨයට අනුව ලාභය, අලාභය, යසස, අයස, නින්දාව, ප්‍රශංසාව, සුඛය, දුක්ඛය යනාදී අනිත්‍ය වූ අශාස්වත වූ මෙම අෂ්ට ලෝක ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරළෙන ස්වභාව ඇත්තාහ. අෂ්ට ලෝක ධර්ම ලෝකය අනුව පෙරළෙයි. ලෝකය ද අෂ්ට ලෝක ධර්මයන් අනුව පෙරළෙයි. පෘතග්ජනයාට මෙන්ම ආර්ය ශ්‍රාවකයාට ද එක සේ උපදී. එහෙත් පෘතග්ජනයාට වඩා ආර්ය ශ්‍රාවකයා කෙරෙහි වෙනස්ව පවතී. අශ්‍රැතවත් පුහුදුන් මිනිසා කෙරෙහි ලාභයක් උපන් විට ඔහු එය නුවණින් නොදකී. මට ලාභයක් උපන්නේ ය, එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාව ඇත්තේ යැයි ඇති සැටියෙන් නොදකී. ඔහු දුකක් උපන්නත් එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාය ඇත්තේය යනුවෙන් ඇති සැටියෙන් නොදකී. ලාභයක් උපන් විට සිත සතුටින් පිරී යයි. අලාභයක් උපන් විට සිත මැඩගෙන සිටියි. යසස, අයස කෙරෙහි ද එසේ ම ය. නින්දාව, ප්‍රශංසාව කෙරෙහි ද සිත මැඩ ගනී. සුඛ දුක්ඛයන් කෙරෙහි ද එසේ ම ය. ලාභයක් උපන් විට ඇලෙයි. අලාභයක් උපන් විට විරෝධයට පත් වෙයි. අටලෝ දහම කෙරෙහි ම එසේ පවතී. එසේ ඇලීම හා විරෝධයට පත් වූ ඔහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසාදියෙන් ද නොමිදෙයි. දුකෙන් නොමිදෙයි.


  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]