[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වන විට ඉදි කිරීම් සිදුවන යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරය වන සරසවි විහාරයේ ශ්‍රී විභූතිය සිහි ගැන්වීමට සහ සරසවි සෑයට අලංකාරයක් එක් කිරීමේ අරමුණෙන් සරසවි සිසුන් විසින් පොළොන්නරුව පැරැණි නෙලුම් පොකුනේ අනුරැවක් ඉදිකර ඇති අයුරු.
දමන සමූහ කේ.ඒ. මෛත්‍රීපාල

වසර 2328ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 268ක් සපිරුණු
මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථානය වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වන උපසම්පදා මහා පුණ්‍යෝත්සවය 268 වන වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී 2021 වෙසක් පුර පසළොස්වක් පොහෝදින පටන් ගෙන ඇසළ පුර පසළොස්වක් පොහෝදින දින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මඟින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිවය. එනමුත් ශ්‍රී ලංකාද්වීපයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ඇති වූ කොරෝනා නැමති මහා වසංගතය නිසා සකල ලෝක ජනතාවම අපමණ මරණ භියට පත්ව කටයුතු කරණ කාලයක් බවට පත්ව ඇති මොහොතක 2020 හා 2021 වර්ෂවල උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මල්වතු මහා විහාරයේ ද පැවැත්වීමට නොහැකි වන බව ඉමහත් කනගාටුවෙන් සිහිපත් කරන අතර, රටේ රෝග බිය දුරුවීමත් සමග උපසම්පදා පුණ්‍යෝත්සවය පැවැත් වීමට මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව තීරණය කළ බව මෙහිලා සිහිපත් කරමි.


  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]