[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මෙලොව පරලොව සුවය සඳහා දුසිරිත් දුරු කරන්න ධර්මයෙහි හැසිරෙන්න

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ - ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හිච, ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ - ධම්චාරී සුඛං සෙති -අස්මිං ලොකෙ පරම්භි ච, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර දී පිය රජාණන් වූ සුද්ධෝදන රජතුමාණන්ට මෙම ගාථා ධර්ම දේශනා කළ සේක. ලෝකාර්ථ චරියාවේ යෙදුණු අප භාග්‍යවතුන් වහන්සේ විසි දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමන් ප්‍රධාන ශාක්‍ය වංශික ඤාතීන්ට නිවන් සුව ලබා දෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමන ආරම්භ කළේ මැදින් පෝ දිනක ය. සුද්ධෝදන මහරජතුමා තම ඇමතියකු අමතා දහසක් පිරිවරදී රජගහනුවරට ගොස් බුදුරදුන් වැඩමවාගෙන එන ලෙස පිටත් කැර යැවූහ. ඇමතියා ද, දහසක් පිරිවර සමඟ රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ බුදුරදුන්ගේ ධර්ම දේශනාවට සවන් දුන්හ. ඇමතිතුමා රජුගේ පණිවුඩය නොසලකා පිරිවර සමඟ බණ අසා රහත් වූහ. සුද්ධෝදන රජතුමා ද යැවූ පිරිස පමා වෙන නිසා නව වාරයක් නව දහසක් පිරිවර සමඟ ඇමතිවරුන් යැවූ නමුත් ඒ සියලු දෙනාම බණ අසා රහත්ව පැවිදි වූහ. අවසන්වරට බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා මාගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්නට හැකිදැයි ඇසූහ. කාලුදායි ඇමතියා ‘රජතුමනි’ මට පැවිදි වන්නට අවසර දෙන්නේ නම් එය ඉටු කරන්නෙමි කීවේ ය. රජතුමා එයට අවසර දී දහසක් පිරිවර සමඟ පිටත් කර යැවූහ. කාලුදායී ඇමතියා පිරිවර සමඟ ගොස් බුදුරදුන්ගෙන් බණ අසා රහත් වී මහණ විය. යළි කාලුදායී රහතන් වහන්සේ සතියකට පසු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ.


   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]