[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්‍රෝධය පවතින නැතිවන හැටි

ක්‍රෝධය පවතින නැතිවන හැටි

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කොට වදාළහ.

මහණෙනි, මේ ලොව පුද්ගලයන් තිදෙනෙක් දක්නට ලැබෙති. ඒ, ශිලාලේඛාවක් බඳු පුද්ගලයා, පෘථිවි ලේඛාවක් බඳු පුද්ගලයා හා ජල ලේඛාවක් බඳු පුද්ගලයා යනුවෙනි.

ශිලා ලේඛාවක් වැනි පුද්ගලයා

මෙලොව ඇතැම් අය නිතර කිපේ. ක්‍රෝධය බොහෝ කලක් ඔහු ලුහුබැඳ පවතී.

ගලෙහි ඇඳි රේඛාව වාතයෙන් ජලයෙන් විනාශ නොවී බොහෝ කල් පවතී. එසේ කිපෙන සුළු ඔහුගේ ක්‍රෝධය බොහෝ කල් පවතී. මේ ශිලා ලේඛාවක් වැනි පුද්ගලයා ය.

පෘථිවි ලේඛාවක් වැනි පුද්ගලයා

මෙලොව ඇතැම් පුද්ගලයන් නිතර කෝපයට පත්වේ. එහෙත් ඔවුන්ගේ ක්‍රෝධය ලුහුබැඳ නො පවතී.

පොළොවේ ඇඳි රේඛාව වාතයෙන්, ජලයෙන් වහා විනාශ වී යයි. එසේ ඔවුන්ගේ ක්‍රෝධය ද බොහෝ කලක් නො පවතී. මේ පෘථිවි ලේඛාවන් බඳු පුද්ගලයන් ය.

ජල රේඛාවක් බඳු පුද්ගලයා

ඇතැම් පුද්ගලයෙක් යමක් රළු ලෙස කියයි. ඵරුෂව කියයි. අමනාපයෙන් කියයි. එහෙත් ඒ හා නොගැටේ. සමාන වේ. සතුටු වේ.

දියෙහි ඇඳි රේඛාව වහා මැකී යයි. එසේ රළුව හෝ ඵරුෂව හෝ අමනාපයෙන් හෝ කියනු ලබන්නේ ඒ හා නොගැටේ. සමාන වේ. සතුටු වේ. මේ ජල රේඛාවක් බඳු පුද්ගලයා ය.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]