[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2021.05.11

අන්‍යයන්ට පි‍්‍රය වීමට පෙර...

තමන්ට තමන් පි‍්‍රය වීම බෞද්ධ චර්යා මාර්ගයේ පදනම ය. යම් පුද්ගලයෙක් තමන්ට පි‍්‍රය නම් පළමුවෙන් ම තම ආරක්ෂාව සලසා ගත යුතු බව ය, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙත් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අනුන්ට පි‍්‍රය වීමට ය. වෙනත් ලෙසකින් කියනවා නම් ලෝකයට පි‍්‍රය වීමට ය. එහිලා ද එකමැ මඟ ගත සැරසීම බව සිතමින් නා නා විලාසිතාවන්ට යොමුවෙති. ඒ වෙනුවෙන් බොහෝ විය පැහැදම් කරති. අවසන මායාවක පැටලි ඔවුනොවුහු ම රැවටෙති.

පි‍්‍රය බව භෞතිකව ලබා ගත නොහැකි බව අවධිමත් සිතින් දකින කවරකුහට වුව අවබෝධයට ගැනීම අපහසු නැත. බාහිර ඔපය දැක කෙනකුගේ ඇස රැවටුණ ද එය තාවකාලික ය. සැබෑ පි‍්‍රයජනක බව ආධ්‍යාත්මික ව ලබාගත යුතු දෙයකි.

එය ලබන්නට අප පුරුදු පුහුණුූ කළ යුතු වන්නේ සියලු බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව ය. එනම් සියලු පව් නොකිරීම ය. කුසල් උපදවා ගැනීමට වීර්යය කිරීම ය.

සිත දමනය කර ගැනීම ය. සිත දමනය කරගත හැකි භාවනාවට හා සමාධියට සිත යොමු කිරීමෙනි. තමන්ටත්, සමාජයටත් සැබෑ ලෙස ම පි‍්‍රයමනාප වන්නේ එවැනි පුද්ගලයා ය.

අකුසල සිතිවිලිවලින් සිත දූෂණය වූයේ නම් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පළිගැනීමේ චේතනාවෙන් කල් ගෙවයි නම් එවැනි පුද්ගලයකු තුළ කවර නම් පි‍්‍රයශීලි බවක් ආපේක්ෂා කළ හැකි ද?

සතුන්ට හිංසා කරනවා නම්, අනුන්ගේ දෙය සොරකම් කරනවා නම්, කාමයෙහි වරදවා හැසිරේ නම්, බොරු කියනවා නම්, බීමතට ඇබ්බැහි නම් ඒ පුද්ගලයාගෙන් කවර නම් පි‍්‍රය බවක් දකින්න ද?

පරුෂ වචන, කේළාම් කියනවා නම්, අනුන්ගේ දියුණුවට අකුල් හෙළනවා නම්, අන්‍යයන්ට අපහාස කරනවා නම්, අන්‍යයන්ගේ දුක වේදනාව, අපහසුතාව තේරුම් ගන්නට නොහැකි නම් කවර නම් පි‍්‍රයතාවක් බලාපොරොත්තු වන්නද?

අද ලෝකයේ බොහෝ රටවල් අසරණ කර ඇති, දහස් ගණනින්, ලක්ෂ ගණනින් මිනිසුන් මිය යන මහා වසංගතයක් වූ කොරෝනා වෛරස රෝගය හමුවේ පවා අනුන් ගැන තබා තමන් ගැනවත් නොසිතන මිනිසුන් කොපමණ ද? ලෝකයට පෙනෙන්නට බාහිර ඔපයෙන් , ධනයෙන් අහංකාර වූ ඇතැම් මිනිසුන්ට පොදු ස්ථානයකදීවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නට නොහැකි නම් එවන් අයගෙන් කවර නම් සහනයක්, පි‍්‍රයබවක් ගැන සිතන්න ද? බොහෝ දෙනෙක් අධි වේගයෙන් හඹා යන්නේ මුළාව පසුපසම බව පෙනේ. මේ අඳුරු තිමිරපට ඉරා දමා යථාර්ථාවබෝධ කළ යුතු කාලය මෙකල අන් කවරදාටත් වඩා ප්‍රායෝගිකව ම දැනේ. එහිදී විශේෂයෙන් රටේ වැඩිහිටියන්ට, මව්පියන්ට පැවරෙන කාර්යභාරය සුළුපටු නැත. පළමුකොට තමන් ආදර්ශවත් ව දෙවැනි ව තම බාල පරපුරට ආලෝකය දකින මඟ පෙන්වීමට උත්සාහ නොවුණේ නම් අනාගතය අඳුරු ආගාධයකට ඇද වැටීම කෙසේ නම් වළක්වන්නද?

තථාගත දේශනාව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරන බව ය. ධර්මය තුළ තමන්ට හෝ අනුන්ට අයහපත් කිසිවකට ඉඩ නැත.

වරදක් වන තැන, නොසිදුවිය යුතු දේ සිදුවන තැන අන්‍යයන්ට දොස් නැඟීම සමාජයේ ස්වභාවයයි. එහෙත් තම තමන් නිවැරැදි වන්නේ නම්, සමාජය ම නිවැරැදි වන්නේය. ජීවත් වන්නට වඩාත් සුදුසු සාමකාමී සුවදායි පරිසරයක් නිර්මාණය කරමිනි. ඒ සුන්දර පරිසරය උදෙසා අප මේ මොහොතේ සිටම පෙළ ගැසිය යුතුව ඇත. තම තමන් තුළ අධිෂ්ඨානයක්, වීර්යයක් ඇති කර ගත යුතුව ඇත.

ඉහිරුණු කිරට හඬා පලක් නැති සේ ම අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැති බව ද සිතට ගත යුතුව ඇත.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]