ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ධර්ම දේශනාව:
බුදුරජාණන් වහන්සේ ශරීරය පිළිබඳ විනිවිධ දැක විවිධ අයුරින් දේශනා කොට ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි ඒ පිළිබඳ කරුණු ඇතුළත් ව ඇත. වාහනය හා ශරීරය සජීවි අජීවි බවින් වෙනස් වුව ද දෙකෙහි ම ස්වභාවය එක අයුරින් පවතී. ඒ දෙක අතරෙහි සජීව, අජීව බව තිබුණත් බොහෝ දුරට ශරීරය හා වහනය සමාන කිරීමට හේතු සාධක බොහොමයක් ඇත. ශරීරය වනාහි දෙතිස් කුණුප කොටස්වලින් පිරිපුන් එකකි. එවැනි කුනුප කොටස් තිස් දෙකක් පමණ මේ ශරීරය තුළ පවතී. පිළිකුල් භාවනාවේ දී වුව ද ප්‍රගුණ කෙරෙන්නේ එම කොට්ඨාශයන් ය . එම කුණුප කොටස් තුළින් මෙම ශරීරය නිතර ම අපවිත්‍ර වන අතර, ඒ නිසාම නිතර නිතර සුද්ධ පවිත්‍ර කිරීමට ද අවශ්‍ය වේ. දොරටු නවයකින් නිතර ම අපවිත්‍ර දෑ පිටවනු ඇත. උදේට පිපෙන මල සවසට පරවෙනවා සේ මෙම ශරීර කූඩුව ද අනිත්‍ය සිද්ධාන්තයත් සමඟ ම පවතී. උදේට ශරීර කූඩුව පිරිසුදු කොට පාරට, නගරයට වැඩට පළට යන මිනිසා සවසට නැවත අපිරිසිදු වී, දහඩිය දුගදින් නිවසට එනු ඇත. අප අඥානකමින් ශරීරය දෙස බැලීමේ දී රාගාදී සිතිවිලි මතුවුව ද එහි යථා ස්වභාවය විමසා බැලීමේ දී පිළිකුල් භාවනාව කිරීමට තරම් උත්සුක වනු නො අනුමාන ය. බුදුන් වහන්සේ මේ ශරීරය පිළිබඳ දේශනා කොට ඇත්තේ හරියට අසූචි පිරුණු කළයක් විලසිනි. ප්‍රඥාවෙන් බැලීමෙන් පමණක් මෙම ශරීරය නිතර කැඩෙන බිඳෙන හා අපවිත්‍ර වන බව අවබෝධ කර ගත හැකි ය.
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]