ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්
රටේ ජාතියට මෙන්ම ආගමට ජීවයක් දෙන විරුවන් රටට බිහි වන්නේ කලාතුරකිනි. අපේ රටේ මානව ශිෂ්ටාචාරය ගොඩනැගුණේ ම අධිෂ්ඨානශීලි මානවයන්ගෙන් ය. ඒ අතර මහා රාවණ පුවත ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය. අදීන සිංහල ජාතික ශිෂ්ටාචාරය සෝබාවත් වූයේ බුදු දහම ලැබීමෙන් ය. ඉන් පසුව දේශීයත්වය ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටි තැනැත්තන් ජාතික විරුවන් සේ ඉතිහාස ගත විය. මහා විජයබාහු, දුටුගැමුණු,පැරකුම් ආදී රජවරුන් ද එම කර්තව්‍යයෙහිම පුරෝගාමී වූහ. පෙර යුගය මෙන්ම මෑත යුගය ද ඉතිහාස ගත වන්නේ රට වෙනුවෙන් පෙනී සිටි ජාතික වීර චරිත තුළිනි. 19 වන සියවස දෙස අධ්‍යනය කිරීමේදී වඩාත් කැපී පෙනෙන චරිත රාශියක් මතු වේ. 1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයට නතුවූ අපේ රට, ජාතිය, ආගම හා මව් බස බේරා ගැනීමේ පුරෝගාමී වූ විශේෂ චරිත අතර වාරියපොළ සුමංගල හිමි, හික්කඩුවේ සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්මපාල තුමා , සුදුජාතික ඕල්කොට් තුමා ආදි ගිහි පැවිදි චරිත හඳුනාගත හැකි ය. අප කතා නායකයාණෝ රටට, ජාතියට මහා මෙහෙවරක් කළ සිය ගණන් දෑ හිතකාමීන් පිරිවරාගත් ජාතික සටනෙහි වීරයෙකි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රසිද්ධිය නොසෙව්වේ ය. නම්බුව, පදවි, තානාන්තර ගරු නොකළේ ය. රිදවිය යුතු තැන රිදෙව්වේ ය. කිව යුතු දේ කියූ, කළ යුතු දේ කළ මේ මහා දේශ මාමකයාණන් ජාතියට ජීවය සැපයුවේ මාධ්‍ය කලාව තුළිනි. සුදු පාලකයන්ගේ යකඩ සපත්තුවේ හඬ අසා, ගිනි බටයේ හඬ අසා, වැටුණු ජාතිය නඟා සිටුවන්නට ඇප කැප වූ ඩී.ආර්.විජයවර්ධනයන් ක්‍රි.ව. 1886 පෙබරවාරි 16 සේදවත්ත නම් ග්‍රාමයේ උපන්නේ ය.
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]