ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජ මහා විහාරය
මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් දැල්වුණු ශාසනාලෝකය දසත පතුරවාලීම සඳහා සුවිසල් ම දායකත්වය ලබා දුන් මහානීය පුණ්‍ය භූමිය වශයෙන් පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජමහා විහාරය ඉතිහාසගත වෙයි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රුහුණට වැඩමවීමේ දී මුල් ඇදි නිසා විහාරස්ථානයක් ලෙස ඇරඹුණු බව ජනප්‍රවාදිත ය. පොළොන්නරු යුගයේදී සපරගමු වෙහෙර යනුවෙන් නම් ලද අතර මෙහි ආදි සඟ පරපුර ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය ඉසිලූ පලාබද්ගල ධර්මකීර්ති මාහිමියන්ගේ පරපුරෙන් ප්‍රභවිත වූවකි. දාගැබට නැගෙනහිරින් වූ දෙනවක වෙල විහාරයට පුද දුන් නිසා දෙනවක විහාරය ලෙස නම්පොතේ හැඳීන්වුණි. වෙහෙරට මලසුනක් වශයෙන් කෝට්ටේ යුගයේ ටැම්පිට විහාරයක් තනවා ඇත. මහවාසලෙහි ගබඩා ගමක් වූ ග්‍රාමයෙහි අයබදු ගැනීමට පැල් සාදා තිබූයෙන් පැල්මඩුල්ල නම ව්‍යවහාර විය. ගිරුවාපත්තුවේ කපුගංකන්දේ සිල්වත් තැන මහනුවර රජකම් කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අධිකාරම්වරයකු වූ රම්මලන නිළමේ මගින් රාජාවසරය ලබා නටබුන්ව කොටවෙහෙරක්ව පැවති දාගබ් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සහ ගම්වරයේ හිමිකම ලබා හන්දුරුකන්දෙහි විසීය.
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]