[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 - 11. 00 ධම්ම පදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය 03.00 - 04.00 පස්වරු ධර්ම දේශනාව මාදෝවිට වජිරබුද්ධි හිමි, 4.00 - 5.00 පස්වරු ධර්ම දේශනාව හිගුරේ පඤ්ඤාසේකර හිමි, 5.00 - 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, 7.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කන්ද උඩපංගුවේ සෝමරතන හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය මැදින් පුර පසළොස්වක සීල සමාදාන වැඩසටහන පෙ.ව. 6.00 - 07.00 සිල් දීම මහරගම සිරිවජිරඤාණ ධර්මායතනාධිපති අමරිකා වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති උතුර ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ. පෙ.ව. 8.00 - 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ. ධර්ම දේශනා පූජ්‍ය නෙළුවාකන්දේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ හා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයකිත්ති හිමියෝ පවත්වති. බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ හා දඹුලුවන සෝභිත හිමියෝ පවත්වන අතර පිරිත් දෙසුම මීගොඩ මධුභාණි ස්වාමීන් වහන්සේ හා මීගොඩ සුලක්ඛන ස්වාමීන් වහන්සේලා පවත්වති.

පස්වරු 1.00 සිට ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ධර්ම සාකච්ඡාවකි. ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්වෙල වජිර හිමි ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි හා ආචාර්ය මතුගම සන්තසිරි හිමියෝ ධර්ම දේශනා පවත්වති. රාජකීය පණ්ඩිත වතුරගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ප.ව. 5.00 සිට 6.00 දක්වා ධම්ම පදය දේශනා කරන අතර රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප.ව. 6.00 ට බෝධි පූජා පින්කම පැවැත්වේ.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි මැදින් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. උදේ 7.00 ට කිරි ආහාර බුද්ධ පූජාව සූරියවැවේ රාහුල හිමි, උදේ 8.00 ට ධර්ම දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි, උදේ 9.00 ට බුදුගුණ භාවනාව රන්නේ අමාධාර හිමි, උදේ 10.00 ට තෙරුවන් ගුණ සජ්ඣායනාව නුගේකන්දේ මංගල හිමි, දහවල් 11.00 ට බුද්ධ පූජාව සූරියවැව සුවිනීත හිමි, දහවල් 11.00 බුද්ධ පූජාව සූරියවැව සුවිනීත හිමි, දහවල් 11.30 ට සංඝගත දක්ෂිණාව, දහවල් 1.00 ට කවිබණ, හම්බන්තොට ආනන්ද හිමි, සවස 2.00 ට ධර්ම සාකච්ඡාව, ඩබ්ලිව්. ඒ. විජේදාස මහතා, සවස 3.00 ට කොරෝනා උවදුර ගැන දේශනය, සවස 6.00 ට අටවිසි බෝධි පූජාව සූරියවැව රාහුල හිමි.

****

රද්දොළුව ශ්‍රී අමරමහ විහාරය

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෑණියන් වන එම්.එස්. පෙරේරා උපාසිකා මාතාව පරලෝ සැපත්ව වසර 22 ක් ගතවීම නිමිත්තෙන් ගුණ සමරු පින්කම් මාලාවක් රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අප රට තුළ පවතින කොරෝනා වසංගතය දුරු වී සැමට සෙත ශාන්තිය, නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා විශේෂ ආශිර්වාද පහන් පූජාව, අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජා පින්කම් මාලාව පැවැත්වේ.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]