[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සිත පිරිසුදු කිරීමට පෙර අපවිත්‍ර පරිසරය වෙනස් කරන්න

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියොදපනං - එතං බුද්ධාන සාසනං,  ඛන්තී පරමං තපො තිතික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා - නහි පබ්බජිතො පරූපඝාති - සමණො හොති පරං විහේඨයන්තෝ, අනූපවාදො අනූපඝාතො  - පාතිමොක්ඛෙච සංවරො - මත්තඤ්ඤුතාච භත්තස්මිං - පන්තංච සයනාසනං - එතං බුද්ධාන සාසනං, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයේ මෙම ගාථා ධර්ම ආනන්ද හිමිගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළ සේක. අතීතයේ ලොව පහළ වූ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ මෙන්ම අප ගෞතම බුදුරදුන්ගේ ද මව්පියන්, ආයුෂ, බෝධි, අගසව් ආදී කරුණු වදාරා එම බුදුවරුන්ගේ පාමොක් දෙසීම්, පෝය කිරීම් පිළිබඳව දේශනා නොකළ බැවින් ආනන්ද හිමියෝ ඒ සම්බන්ධ ව බුදුරදුන්ගෙන් විචාළහ. “ආනන්දය”,, කාලයෙහි වෙනසක් ඇතත් පාමොක් දෙසීමෙහි වෙනසක් නැතැයි වදාරා සෑම බුදුවරුන්ගේ ම අනුශාසනාව මෙසේ යැයි ගාථා තුනකින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාකොට වදාළ සේක. මෙසේ එම උතුම් ගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මයම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය. සියලු පව් නොකිරීමත්, සියලු කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි. උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ. අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්මද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුරු මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි.


  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]