[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සියම් රජ පවුලේ සම්භාවනාවට පත් ගාල්ලේ මිණිවන්ගොඩ පරමානන්ද විහාරය

පරාධීන යුගයේ මෙරට ධර්ම ශාස්ත්‍රීය පුනරුදය උදෙසා අමිල මෙහෙවරක් සිදු කළ බුලත්ගම ශ්‍රී ධම්මාලංකාර සුමනතිස්ස නාහිමියන් වැඩ සිටි පරමානන්ද විහාරය ගාලු නගර සීමාවේ මිණිවන්ගොඩ ග්‍රාමයේ උස් වූ බිමක පිහිටා ඇත. උඩරටින් වැඩම කළ අලුත්නුවර පඤ්ඤාතිස්ස මාහිමියන් විසින් ආරම්භ කරන ලදැයි සැලකෙන පරමානන්ද විහාරයේ බොහෝ විහාර කර්මාන්ත ද එම යුගයට ම අයත් ය. අඩි හතරක් පමණ උස්ව තැනූ වේදිකාවක් මත ඝණ්ඨාකාර චෛත්‍යරාජයන් වහන්සේ තනවා ඇත. දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙහි වැඩමවා රෝපණය කරවා වන්දනාමාන කටයුතු සිදු කරන ලද නමුත් 1876 වර්ෂයේ දී සුළි සුළඟකින් එම බෝධින් වහන්සේ විනාශයට පත් වූ පසු එම මූලයෙන් ම පැන නැඟි බෝධීන් වහන්සේ නමක් වර්තමානයේ විහාරස්ථානයේ දක්නට ලැබෙයි. පරමානන්ද විහාරය අටපට්ටම් විහාරය යනුවෙන් සැදැහැවතුන් අතර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ විහාරස්ථානයේ පිහිටි අටපට්ටම් හැඩයේ විහාර මන්දිරය නිසා ය.

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]