[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

යළි පිබිදෙන කූරගල පුදබිමට එන්න

බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි . අතීතයේ තණ්ඩු ලෙය්‍යක පබ්බත , දත්ත ශෛල පබ්බත , යන නම්වලින් ව්‍යවහාර වූ මේ පුදබිම පසුකාලීන ව කූරගල නම් විය .වර්තමානයේ කූරගල නමින් වන මේ පුණ්‍ය භූමීයේ බෞද්ධ උරුමය අන්තවාදී පිරිස්වල ක්‍රියා කාරකම් නිසා බෞද්ධයන්ට අහිමි වෙමින් පැවතුණි . ඉපැරණි බෞද්ධ ස්තූප ආදිය විනාශ කර තිබෙන අතර, ඈත අතීතයේ මහරහතන් වහන්සේ ගේ පාදශ්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බිම , උන්වහන්සේ බවුන් වැඩු බිම , අන්තවාදී ග්‍රහණයට හසුව සත්ත්ව බිලි පුජා පවත්වන තැනක් බවට පත් කර ඇත . මෙසේ අන්තවාදී පිරිස්වල ග්‍රහණයට හසුව ඇති කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත ශ්‍රී ලාංකේයයන්ගේම උරුමයක් බවට උරුම කර දීමේ අභියෝගය බාර ගන්නට නෙල්ලිගල නායක හාමුදුරුවන් වහන්සේ , වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ ඉදිරිපත් ව සිටිති.


  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]