[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ශෝකය හා බිය දුරුකර ගත හැකි මඟ

පේමතෝ ජායති සෝකෝ - පේමතෝ ජායති භයං - පේමතෝ විප්පමුත්තස්ස -නත්ථි සෝකෝ කුතෝ භයං? ප්‍රේමය නිසා ශෝකය උපදී, ප්‍රේමය නිසා භය උපදී, ප්‍රේමයෙන් මිඳුණු සඳ, සොවක් නැත. බියක් නැත. මේ දහම ලොව්තුරු බුදුපියාණෝ වදාළේ දෙව්රම් වෙහෙරදී විශාඛාවන් අරභයා ය. පින්වත්නි, අද අප ජීවත් වන්නේ කොරෝනා වසංගතය නිසා හැම අතින් ම තහංචි වැටුණු අවධියක යි. මේ කාලයේ අප කවුරුත් අසරණ ය. ඒ කෙසේ වෙතත් අප, අපගේ ආධ්‍යාත්මික ශික්ෂණය සේ ම, ආර්ථික දියුණුව ළඟාකර ගත යුතුව ඇත. ලෝකයා අසරණ වූ මෙවන් මොහොතක බුදුන් දෙසූ දහම අපගේ සිහියට නැඟේ. සිත හදන බුදු බණ පදයකින් සංග්‍රහ කිරීමට ලැබීම අපටද අස්වැසිල්ලකි. දම් පද සයුරේ ගිලෙන අප ධම්මපදයේ එන තවත් එක්තරා දේශනාවක් කෙරෙහි අවධානය යොමු කරමු. සැවැත්නුවර විශාඛා මහා උපාසිකාවගේ නිවසේ නිතර දන් දෙති. ඇගේ මාළිගාවේ භික්ෂූන් වහන්සේ උදෙසා දිනපතා දානය සහ ගිලන්පස පිළිගන්වති. ඈට දන්තා නමින් මිනිබිරියකි. ඈ උවටැන් කිරීමේ දක්ෂ ය. සූර ය, අනලස් ය. දන්තාවගේ ශ්‍රද්ධාව ද එසේ ම ය. කරුණු එසේ වුවත් ඈ තරුණ වියට එළඹෙත් ම, අකාලේ මිය ගියා ය. මේ ශෝකය විශාඛාවන්ට දරාගත නොහැකි වේදනාවක් වූයේ ය. විශාඛා මහා උපාසිකාව දිනක් දෙව්රම් වෙහෙරට ගොස් දැඩි සේ ශෝකයට පත්ව සිටියා ය. ඒ දුටු බුදුරජාණන් වහන්සේ ඈ අමතා මෙසේ ඇසූහ. විශාඛාවනි, සොවින් සිටින්නේ ඇයි? එවිට ඈ කියන්නී, බුදුරජාණන් වහන්ස, දන්තාවගේ ගුණ සිහිවෙන කොට මට දරාගත නොහැකි දුකක් සිතට එයි. එය එතරම් ම බලවත් ය. එවිට බුදුරජාණන් වහන්සේ විමසන්නේ මෙබන්දකි. විශාඛාවෙනි, මේ සැවැත්නුවර කොපමණ නම් මිනිස්සු ඇද්ද? එවිට ඈ කියන්නේ, ස්වාමීනි, සත් කෙළක් පමණ ය විශාඛාවනි, සැවැත්නුවර වෙසෙන මිනිසුන් සත් කෙළම ඔබගේ මිනිබිරියෝ වෙත්නම්, ඔබ කැමැති ද? එසේය ස්වාමිනි, යැයි ඈ පිළිතුරු දුන්නා ය.


  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]