[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පිරිවෙන:

ගම්පොළ පිරිවෙන්වලට අන්තර්ජාල පහසුකම්

මහනුවර දිස්ත්‍රික් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව අරඹමින් සියලු පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීම දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ගම්පොළ අධ්‍යාපන කලාපය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) රාජකීය පණ්ඩිත , ආචාර්ය පුස්සැල්ලාවේ ශීලවිසුද්ධි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවිය. විශේෂයෙන් දැක සාධනිය නියාමනයක් උදෙසා, “විදර්ශනා” යන නමින් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව 2020/12/23 වන දින උඩපළාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ඒ සඳහා දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් – පරිපාලන) කොබ්බෑවල මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් සැලසුම්) මිල්ලෑවේ සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) නඹඩගස්වැව සුධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ද සහභාගි වූහ. ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් ආයතන 15ක් ක්‍රියාත්මක වන අතර එම සියලුම පිරිවෙන්වල කෘත්‍යාධිකාරි පරිවේනාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීමෙන් කාර්යය සිදු කෙරිණි. එහිදී රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා අනුග්‍රහයෙන් ගම්පොළ අධ්‍යාපන කලාපයේ සියලුම පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරිණි.


  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]