[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පොළ පිරිවෙන්වලට අන්තර්ජාල පහසුකම්

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

ගම්පොළ පිරිවෙන්වලට අන්තර්ජාල පහසුකම්

මහනුවර දිස්ත්‍රික් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව අරඹමින් සියලු පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීම දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ගම්පොළ අධ්‍යාපන කලාපය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) රාජකීය පණ්ඩිත , ආචාර්ය පුස්සැල්ලාවේ ශීලවිසුද්ධි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවිය.

විශේෂයෙන් දැක සාධනිය නියාමනයක් උදෙසා, “විදර්ශනා” යන නමින් ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුව 2020/12/23 වන දින උඩපළාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

ඒ සඳහා දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් – පරිපාලන) කොබ්බෑවල මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් සැලසුම්) මිල්ලෑවේ සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) නඹඩගස්වැව සුධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ද සහභාගි වූහ.

ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් ආයතන 15ක් ක්‍රියාත්මක වන අතර එම සියලුම පිරිවෙන්වල කෘත්‍යාධිකාරි පරිවේනාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීමෙන් කාර්යය සිදු කෙරිණි. එහිදී රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා අනුග්‍රහයෙන් ගම්පොළ අධ්‍යාපන කලාපයේ සියලුම පිරිවෙන් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරිණි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිරිවෙන්වල ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සඳහා එම සත් කාර්යය මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය අනුශාසනාවේ දී පැවසූහ. තවද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තාක්ෂණය භාවිතයෙහි උපයෝගීතාවය පිළිබඳ කරුණු රැසක් සිහිපත් කළ උන්වහන්සේ ඒ සඳහා කෘත්‍යාධිකාරි පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලාගේ මෙන් ම ආචාර්ය මණ්ඩලවල අවධානය යොමු කළ යුතු බව ද පෙන්වා දුන්හ.

පිරිවෙන් අධ්‍යාපන කාර්යයෙහි සංවර්ධනය උදෙසා කලාප මට්ටමෙන් මෙන්ම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් ද සංවර්ධන කමිටු සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කරුණු දැක් වූ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයේ අනාගත ඉලක්ක සපුරා ගනිමින් රට, දැය, සමය වෙනුවෙන් අනාගත ශාසනභාරධාරී තෙරවරු බිහි කිරීමේ අවශ්‍යතාවය මැනවින් පෙන්වා දුන්හ.

ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන කමිටුවෙහි නිලධාරි මණ්ඩලය පත් කිරීම, ගම්පොළ අධ්‍යාපන, කලාපයෙහි පිරිවෙන් දැක්ම සහ මෙහෙවර එළි දැක්වීමත්,තේමා ගීතය එළිදැක්වීමත් මෙහිදී සිදුකෙරිණි. 2021 වර්ෂයේ සංවර්ධන සැලැස්ම සහ 2021-2025 වර්ෂය දක්වා පස් අවුරුදු සැලැස්මට අවැසි යෝජනා පිරිවෙන් මඟින් ලබා ගැනීම ද සිදුවිණි.

තව ද ගම්පොළ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ආචාර්ය පුස්සැල්ලාවේ ශීලවිසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් තාක්ෂණය භාවිතයෙන් පිරිවෙන් රාජකාරි කටයුතු ඉටු කිරීම පිළිබඳ දළ සැළැස්ම ඉදිරිපත් කිරීම ද සිදු කෙරුණු අතර පිරිවෙන් අධ්‍යාපන අංශයේ වඩාත් ඵලදායි සේවාවක් ඉටු කිරීමට අවැසි වැඩ පිළිවෙළ පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.

ගම්පොළ අධ්‍යාපන කලාපයේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා, අධ්‍යාපනික සහ රාජ්‍ය අංශ ප්‍රධානීන්, දේශපාලන නියෝජිතයන් , ආරක්ෂක අංශ ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් මෙන් ම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ද සමන්විත අනුශාසක මණ්ඩලයක් සහ ගරු කෘත්‍යාධිකාරි පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලාගේ සාමාජිකත්වයෙන් හා නිලධාරිත්වයෙන් සමන්විත ක්‍රියාකාරි කමිටුවක් පත් කර ගැනීම සිදු විණි. පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඵලදායි සේවාවක් සපයමින් අනාගත සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා මාහැඟි මෙහෙවරක් ඉටු වනු දැකීම අපගේ පරම අභිලාශය යි.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]