[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සිතන පතන දේ ඉටු වන්නටපෙර පින් ඕනෑ

“පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. එහෙත්, පින් මඳ අයට තමන් පතන දේ සිද්ධ නොවේ.” පින්වතුනි, ලොව්තුරු තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයේ දඹදිව විශාලා මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය නමින් යුත් තුන්බියක් ඇති විය. මෙහි ස්වරූපය වන්නේ රෝගයක් සෑදී මිනිසුන් දහස් ගණනින් මිය යාමයි. එය වසංගත රෝගයකි. ඉන්පසු වන්නේ, ගෙයක් ගෙයක් පාසා මළමිණී ගොඩ ගැසීමයි. අනතුරුව අමනුෂ්‍යයෝ ඒවාට අරක් ගනී. එවිට භීතිය හටගනී. පසුව මිනිසුන්ට ආහාරපාන හිඟවී මිය ඇදේ. මේ තුන්බිය බුදු ඇසින් දුටු බුදුපියාණෝ ආනන්ද තෙරුන්ලවා රතන සූත්‍රය දෙසා වදාළා, පිරිතේ අනුහසින් එය වූපසමනය කළහ. එයින් උපන් සුතුර රතන සූත්‍රයයි. තුණුරුවන්ගේ ගුණ කියැවෙන මහා බලගතු රුවන් සූත්‍රයයි. විශාලා මහනුවර ඇති වූ තුන්බිය සේ ම ශ්‍රී ලංකාවේ ඇති වූ වසංගත රෝග, සාගත රෝග පිළිබඳව තොරතුරු ඉතිහාසයෙන් පැනෙයි. වළගම්බා රජු දවස ඇති වූ බැමිණිතියා මහාසාය හා සිරිසඟබෝ රජු දවස ඇති වූ රක්තාක්ෂි නම් වසංගතය ඊට කදිම සාධකයෝ වෙති. මේ ලිපියේ අවධානය යොමුවන්නේ එහි සමස්තය කීමට නොව, බැමිණිතියා මහා සාය හෙවත් සාගතය හමුවේ දිවි බේරාගෙන, සිය ශරීර මාංශ දන්දීමට සැරසුණු ඉතාමත් ශ්‍රද්ධාවන්ත උපාසක යුවළක් පිළිබඳව ය. රසවෑහෙන ධර්ම කතා ඇතුළත් රසවාහිනිය මේ කතාව වත්ථුල පර්වත කතාවට ඇතුළත් කර ඇත්තේ ය. මෙසේ ය. එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේ ය. (ඊට පාදකවූ ඉතිහාස කතාව මෙහිලා නොකියන ලදී)


  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]