[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කර්මයේ හොඳ නරක පෙන්වාදෙන මුව වැද්දාගේ කතා පුවත

කර්මයේ හොඳ නරක පෙන්වාදෙන මුව වැද්දාගේ කතා පුවත

මිනිසත් බව අන් සියලු ආත්ම භවයන්ට වඩා වැදගත් වන්නට හේතු වී ඇත්තේ හොඳ නරක මැනවින් අවබෝධ කර ගැනීමට ඇති කුසලතාවය නිසා ය.

ඒ නිසාම පුද්ගලයාට සසර දුකින් එතෙර වීම දක්වාම ඉවහල් වන මනුෂ්‍ය භාවය අයහපත් මාවතට යොමු කරවා ගැනීම මගින් සසර පුරාම සිදුවන අනර්ථය පේත වත්ථු පාලිය මගින් අපට කදිමට පෙන්වා දෙයි. එහි චූලවග්ගයට අයත් “මිගලුද්දක පේත වත්ථුව“ තුළින් සිදු කරන කර්ම ශක්තියේ ස්වභාවය කුසල හා අකුසල ලෙස විපාක දෙනු ලබන්නේ කෙසේද යන්න මනාව තහවුරු කොට පෙන්වා දෙනු ඇත.

ඉතා මනරම්, සිත්කළු, පස්කම් සැපතින් යුතුව, රාත්‍රී කාලයෙහි බබළන්නා වූ දෙවියෙක් බඳු එහෙත් දිවා කාලයෙහි නොයෙක් දරුණු දුක් වේදනා විඳින පේ‍්‍ර්තයකු පිළිබඳ මිගලුද්දක කතා වත්ථුව තුළින් විස්තර වෙයි. හෙතෙම රාත්‍රියෙහි සැප සේ සිටීමටත්, දහවල දුක් පීඩා විඳීමටත් කරන ලද කර්මය ඔහු විසින්ම පාපොච්චාරණය කරන අයුරු දැකිය හැකි ය.

පෙර රජගහ නුවර මිනිසත් බව ලබා දිවි ගෙවන සමයෙහි ඔහු ලෙයින් තෙත් වූ දෑතින් දරුණු මුව වැද්දෙක් ව වාසය කළේ ය. අතිශය දරුණු බොහෝ ප්‍රාණීහු නසමින් දුෂ්ඨ සිතින් දිවි ගෙවූ මෙම වැද්දා, නිතර නිතර අයහපත් කර්මයන් රැස් කිරීම සිදු කරන්නට ම විය. එහෙත් මොහුගේ ඉතා දැහැමි සිල්වත් යහළුවෙකු මොහුට බොහෝ අනුකම්පා කොට සිදු කරන අකුසලයන්ගෙන් මුදවා ගැනීම සඳහා හැම විටම අනුශාසනා කරන්නට විය. ඒවා නොඇසූ පාපකාරී වැද්දා කෙරෙහි මෛත්‍රී සිතින් නැවත නැවත යහපත් මඟට ගැනීම උදෙසා අවවාද උපදෙස් ලබා දුන්නේ ය.

මේ නිසාම මොහු රාත්‍රී කාලයෙහි ප්‍රාණඝාතයෙන් වෙන්ව සංවරව වාසය කරන්නට වූ අතර, නැවත දිවා කාලයෙහි පෙර පරිදිම කටයුතු සිදු කරයි. මිනිස් ලොවින් චුත ව ප්‍රේතයෙක් ව උපදින හෙතෙම රාත්‍රියෙහි බබළන මනරම් දෙවියකු මෙන් විසීමට හේතුව වශයෙන් පැහැදිලි කරමින් තම මිතුරාගේ මඟ පෙන්වීම අනුව සංවරව ක්‍රියා කිරීම නිසා ලැබූ ආනිශංසයයි.

දහවල් සමය තුළ අනන්ත දුක් වේදනා විඳින මිගලුද්දක ප්‍රේතයා පසු පස බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයන් සපා කෑමට පැමිණෙයි. මෙවැනි දුක් ගැහැට බොහෝ පීඩාවන්ට මුහුණ දෙන මොහු තමා සිදු කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ස්වභාවය ඉතා කදිමට මෙහිදී පෙන්වා දෙනු ලබයි. කර්මයෙහි යහපත් හා අයහපත් ස්වභාව කෙබඳු වේ ද යන්න මෙම පේත වත්ථු පාලියට අයත් ඉහත සඳහන් අගනා කතා පුවත, කදිම අපගේ දිවි මඟට ලබා දෙන ආදර්ශය අතිශය වැදගත් හා අමිල ධර්ම අවවාදයක් වනු ඇත.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]