[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන්ට ලබාදිය හැකි හොඳම දායාදය

දරුවන්ට ලබාදිය හැකි හොඳම දායාදය

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ 30,000ක් පමණ පිරිසක් දඩකෙළියේ ගොස් සිටි බව අටුවා ටීකාවල දැක්වෙනවා. එදින දඩ කෙළියක් මෙන්ම කැළෑ යුද පුහුණුවක් සිදු කර ඇති බවත් එහි දැක්වෙනවා.

එම කැළෑ පුහුණුවලදී සතුන් දඩයම් කිරීම එම ක්‍රියාදාමයටම අයත් වූවක් බවයි පැවසෙන්නේ. මෙරටට වැඩම කිරීමට පෙර සිටම මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට සංස්කෘතිය හොඳීන් දැන සිටියා. එම නිසයි මුටසීව රජ සමයේ මෙරටට වැඩම නොකර, දේවානම්පියතිස්ස රාජ්‍යත්වය ලබන තෙක් සිට මෙරටට වැඩම කරන ලද්දේ. උන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සිට ක්‍රමයෙන් ජනතාවට දහම් දේශනා කළේ දහම ජනතාවගේ ජීවන ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දෙමින්.

සත්ත්ව ඝාතනය යන්න එක්වරම පිළිකුල් කර හෙළා දැකීම සිදු කෙළේ නැහැ. ක්‍රමයෙන් ජනතාවට ඒ බව හුරු කළා. විශේෂයෙන් ම බුදු දහමේ දැක්වෙන පාඨයකින් ඒ බව මෙහිදී පෙන්වා දිය හැකියි.

‘පාණාතිපාතං පහාය
පාණාතිපාතං පටිවිරතො හොති
විහීත දණ්ඩො
විහීත සත්තො
ලජ්ජි දයා පණ්නො
සම්බ ප්‍රාණ භූත හිතානුකම්පි විහරති

සතුන් මැරීමෙන් වෙන්වීම, දඬුවම් කිරීමෙන් වෙන්වීම, ආයුධ භාවිතයෙන් වෙන්වීම, වැනි ක්‍රියාදාමයන් ඔස්සේ සියලුම සත්වයන්ට හිතානුකම්පී ව වාසය කිරීම එයින් අනුමත කර තිබෙනවා.

වර්තමානයේ දරු දැරියන්ට පවා අවිහිංසාව පෙන්වා දිය යුත්තේ ඒ අනුවයි. බුදුරජාණන් වහන්සේ පවා ගැරඬියකු පෙලූ දරුවන්ට අවිහිංසාව පහදා දුන් අයුරු අප ඉගෙන ගෙන තිබෙනවා. දරුවන්ට ඔවුන්ගේ මනසට තේරුම් යන අයුරින් පහදා දීමයි මෙහිදී වැදගත් වන්නේ.

ඒ සඳහා පවත්නා ක්‍රමවේදය, සංස්කෘතියම උදාහරණ ලෙස පෙළගස්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ සිටි කාලයේ මහා බ්‍රහ්මයා උතුම් ලෙස සලකමින් තිබූ ආගම් දර්ශන නිසා උන් වහන්සේ දේශනා කෙළේ ‘බ්‍රහ්මාති මාතා පිතරො‘ මවුපියන් බ්‍රහ්මයාට හා සමානයි යනුවෙන්.

මිහිඳු මහ රහතන් වහන්සේ පවා විමානවත්ථු හා පේතවත්ථු දේශනා කරමින් ජනතාවට තේරුම් යන ආකාරයටයි ගුණදහම් ජනතාවට දේශනා කෙළේ. විශේෂයෙන්ම පංචසීලය ආගමික ප්‍රතිපදාවකට වඩා ජීවන ප්‍රතිපදාවක් ලෙසින් ජනතාවට හඳුන්වා දුන්නා. වර්තමානයේ දරු දැරියන්ට අවිහිංසාව වැනි ගුණධර්ම වටහා දිය යුත්තේද ඒ ලෙසින්. ඔවුන්ගේ ජීවන ප්‍රතිපදාවක් ලෙසින් සමාජයේ පරිසරයේ ම උදාහරණ සහිතවයි.

මෙම ලිපියේ ඉතිරි කොටස එළඹෙන පොසොන් අව අටවක පෝදා (13) පත්‍රයේ පළවේ.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]