[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලාවේ ධර්මාලෝකය

මිහින්තලාවේ ධර්මාලෝකය

පොසොන් පොහෝ දින
මිහින්තලාවම
මෙත් ජලයෙන් සෝදා
මහින්ද මාහිමි සඟුන් පෙරටු කොට
මිස්සක පව්වෙ එදා
බුදුන් දෙසූ බණ තිස්ස රජුන් වෙත
කියා මනස සාදා
ලොවෙන් උතුම් රට කළා මේ පින්බිම
නමදිමු මලින් පුදා

මිහින්තලාවෙන් ධර්මාලෝකය
දසත ම විසිර ගියා
ලක්වැසියන් හැම සිත් තුළ මොහඳුර
සැණෙකින් සැඟව ගියා
දහමින් සැනැහුණු මිනිසුන් බිහිවෙන
පුදබිම් පිරී ගියා
මහ රහතුන්ගෙන් අනුරාපුරයේ
අහස ම වැසී ගියා

ලංකා රජයයි සම්බුදු සසුනයි
ගහට පොත්ත සේ බැඳී ගියා
හෙළ බොදු ආරට ලක්වැසියන් තම
ජීවන ගමෙන්
යෙදී ගියා
සුඛිත මුදිත වූ බත බුලතින් සරු
ගම් බිම් මුළු රට
මැවී ගියා
දෙව් බඹ සේනා හැම වැඳ වැටෙනා
රටකැයි ලෝ තුළ දිලී ගියා

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]