[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කූට වාණිජ ජාතකය

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරටත් 4, 5, 6 මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක් හවුස් අලෝක පූජාව සමග ජාතික පොසොන් පින්කම තෛ‍්‍ර නිකායික මහා නායක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ලබන 2 වනදා සිට 8 වනදා දක්වා මිහින්තලා පුද බිමේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණෝ පවසති. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජාතික පොසොන් උත්සවයෙහි කටයුතු සම්බන්ධීකරණය කෙරේ.ජාතික පොසොන් පින්කම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් උන් වහන්සේ වැඩි දුරටත් මෙසේ ද කීහ.අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2328 ක් සපිරීම නිමිති කරගෙන මෙවර ජාතික පොසොන් මහා පින්කම මිහින්තලා රජ මහා විහාරස්ථානය මුල් කර ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ,ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම පින්කම සදහා ලේක් හවුස් ආයතනය 58 වැනි වරටත් මිහින්තලා ලේක්හවුස් අලෝක පූජාව, විදුලි බල මණ්ඩලය සමඟ එක්ව පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.මෙම උතුම් පින්කම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව ,නාවික හමුදාව ,ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක සේවා,ජාතික රූපවාහිනිය,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ,මිහින්තලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ස්වේච්ඡා සංවිධාන ,රාජ්‍ය බැංකු ,දෙපාර්තමේන්තු, මණ්ඩල,බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන විශාල දායකත්වයක් ලබා දෙන බවත් කියන්නට ඕනෑ.

 

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු

මෙතැන්හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා තව ද මාගේ වචනය මැනවින් අසත්වා. භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝ ම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත් ද එබැවින් නොපමාවම ඔවුන් ව ආරක්ෂා කරන්න. මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම්කිසි ධනයක් වේ ද, ස්වර්ගයෙහි හෝ යම්කිසි උතුම් රත්නයක් වේ ද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්න භාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. එකඟ වූ සිත් ඇති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ, විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේ ද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ සේක් ද යම් මාර්ගයක් පිරිසුදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත් ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ප්‍රශස්ත වූ එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත් ද මේ සැමදෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති.

 

සසුන සුරැකි රජ දරුවෝ දැහැමින් මව්බිම දිනුවෝ

සංඝයා වහන්සේ හා රජය අතර දීර්ඝ කාලයක් නොනැසුණා වූ සමීපත්වයක් ගොඩනැඟුණු පළමු රටවලින් එකකි. බුදු සමයෙහි ආභාසය ලැබුණු නිසාම සමහර රජවරු තමන් බෝධිසත්ත්වයින් බවත් බෝධිසත්ත්වයින් රාජ්‍යත්වයට පත්විය යුතු බවත් ශ්‍රී ලාංකිකයිනට දැනුම් දුන් බව වංශකථා සහ ශිලාලේඛන මගින් පෙන්නුම් කෙරේ. ක්‍රි. පූ. 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රජ සමයේ පොසොන් පුර පසළොස්වක දිනයෙහි දී ශ්‍රී ලංකාවේ බුදුසමය පිහිට වූ බව වංසකථාවලින් මෙන්ම සෙල්ලිපි මගින්ද සනාථ වී තිබේ. මේ වකවානුව වනවිට ශ්‍රී ලංකාව පුරාම වාගේ ජනාවාස වී තිබූ බවට අපට ලැබී ඇති පැරණි බ්‍රාහ්මී සෙල්ලිපි වලින් පැහැදිලිවම පෙනීයයි. මෙරටට බුදුසමය ප්‍රවිෂ්ට වීමත් සමගම නව ප්‍රවණතාවයන් ගණනාවක්ම බිහිවිය. ආගමකින්, ජනතාව සංස්කෘතික වශයෙන් ඒකරාශී කිරීමේ කාර්යය බුදුසමය තුළින් කාර්යක්ෂම ව සිදු කෙරිණි. එසේම පූර්ණ සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා ප්‍රථම වරට සංවිධිත ලේඛන ක්‍රමයක් බිහිවිය. භාෂාව හා ආගම අතින් සාම්‍යක් ඇතිවීම පොදු ජාතික හැඟීමකට අනුබල දෙන සංස්කෘතික ලක්ෂණ බිහිවීමට අවස්ථාව උදාකරන ලදී. මීට අමතර ව බුදුසමය තුළින් බිහිවූ ආගමික දාෂ්ටි හා ආකල්ප මගින් ශ්‍රී ලාංකික ජනතාව ට ජාතියක් වශයෙන් ගොඩනැඟීමට අවස්ථාව උදාවිය. ඒ නිසා ඉහත කී අන්දමින් ඇති වූ ප්‍රවණතාවන් නිසා දේශපාලන සාමාජික හා සංස්කෘතික වශයෙන් පොදුවේ සම්මත වන ආයතන බිහි වී සමාජ හා ආර්ථික සමෘද්ධියකට ජනතාව පොළඹවනු ලැබී ය. ප්‍රාග් බෞද්ධ ලංකාවේ, පණ්ඩුකාභය යුගයේදී අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේ කාර්යය සිදුවුණි.

 

සොබා දහමෙන් ඈත් වෙනවා ව්‍යසන ළංකර ගන්නවා

සොබා දහමේ විශ්මිත නිර්මාණය, මිනිසා යි. සොබා දහම විසින් මිනිසා නිර්මාණය කිරීමෙන් පසුව භෞතික ලෝකය මිනිසාට බාර දුන්නා. ඒ බාර දුන්නේ මිනිසාට මනා ඥානයක් ද ලබා දෙමින්. එමෙන්ම ගුණ ධර්ම ද ඔහුට ලබා දුන්නා.මිනිසාට ඒ ඥානය ලබා දුන්නේ, තමාත් ආරක්ෂා වී අනෙක් සත්ව ලෝකයේත්, සොබා දහමමේත් , පරිසරයෙත් ආරක්ෂාවද රැකගෙන ඉදිරියට ගමන් කිරීමටයි. එහෙත් මිනිසා ටික කලක් යන විට සත්ත්ව ලෝකය ආක්‍රමණය කළා. පරිසරය තම අත්අඩංගුවට, නැත්නම් ග්‍රහණයට ගත්තා. සොබා දහමට නම් මිනිසාට දැඩි බලපෑමක් කරන්න බැහැ. උදාහරණ ලෙස හිරු පෑයීම, සඳ පෑයීම, වර්ෂාව, සුළං හැමීම වැනි දේ පෙන්වා දීමට පුළුවන්. නමුත් මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සොබාදහම පවා වෙනස් වුණා. ගස් කොළන් සීමාවක් නැතිව විනාශ කළා. ප්‍රතිඵලයක් ලෙස ජල සම්පත අඩු වුණා. සොබා දහම වෙනුවෙන් මිනිසාගේ යුතුකම, වගකීම ඉටු වුණේ නැහැ.මෙහිදී අප පෙන්වා දිය යුතුයි මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය සිදු වූ මිහිඳු මහරහතන් වහන්සේ හමු විටදී උන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද ප්‍රකාශයක්. ‘මහ රජතුමනි කුරුල්ලන්ට අවකාශය තුළ නිදහසේ පියඹා යන්න අයිතිය තිබෙනවා. ඒ වගේම සත්ත්වයන්ට නිදහසේ සැරිසරන්න අයිතිය තියෙනවා. ඔබ මේ පොළොවේ භාරකරු පමණයි ‘මේ බව දැක්වෙන සෙල් ලිපිය මිහින්තලේ අදත් තිබෙනවා.මේ ලෝකය ගත්තහම සොබා දහම, පරිසරය, වගේම සත්ත්වයන් හරිම අවංකයි, අව්‍යාජයි. අපි ගහක් යටට ගිහින් සෙවණ සාදා ගන්නා විට ගස අපට නොකිව්වත් ගස කරන ප්‍රකාශය මොකක්ද? ‘මම වරෙක මොර සූරන වැස්සෙන් පීඩාවට පත් වෙනවා . වරෙක ගිනි කාෂ්ඨක අව්වෙන් පීඩා විඳීනවා. ඒත් මම ඔබට සෙවණ සදනවා. හෙටත් ඔබ ආවොත් මම හෙටත් ඔබේ පිහිටට එනවා. ‘

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]