[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණමාලී මහ සෑ රදුන් වෙත පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන වන්දනාවට ප්‍රදර්ශනය කෙරේ

ස්වර්ණමාලී මහ සෑ රදුන් වෙත පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන වන්දනාවට ප්‍රදර්ශනය කෙරේ

අනුරාධපුර අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පළඳවන රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන පූජෝපහාර සඳහා ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම මස 18, 19, 20 යන දිනවලදී මහජන වන්දනාවට අවස්ථාව සැලසේ.

මෙම මස 21 වන දා පෙර වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට එම රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය කුරුණෑගල ඇත්කඳ විහාරය වෙත රිය පෙරහරකින් වැඩම කෙරේ.

නැවත 22 වන දා පස් වරුවේ ඇත්කඳ විහාරයේ සිට අනුරාධපුරය බලා වැඩමවා අනතුරුව 22, 23 සහ 24 යන දිනවල දී අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේ විශේෂ පීඨිකාවක තැන්පත් කිරීමෙන් අනතුරුව මහජන වන්දනාව සඳහා අවස්ථාව සැලසේ.

මෙම 25 වන දා චූඩා මාණික්‍යය සහිත රන්පාදම මහා සෑ රදුන් වෙත පැළඳවීම සිදු කෙරේ. මෙම 26 වන දා එම රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කෙරේ. අතිපූජනීය ස්වර්ණමාලී චෛත්‍ය මහා රාජයාණන් වහන්සේ වෙත රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මහා පූජෝපහාර වන්දනාවට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත.

එම වන්දනා පූජෝපහාරය සඳහා පැමිණෙන සැදැහැවතුන්, ගමන් මලු ආදිය රැගෙන ඒමෙන් හැකිතාක් වළකින ලෙසත්, තමන් පළඳින පාවහන් ආදිය ද රථවාහනවල ම තබා වන්දනා ශාලාවට ඇතුළත් වන ලෙස ද සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]