[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුගල්ලෙන වෙහෙර බිමේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

කළ හොඳ පමණයි අප ගෙන යන්නේ

ගල්කිස්ස මහා හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක පබ්ලිස් සිල්වා

මිහදුම් සළු පොරවාගත් කඳු යායකින් වටවුණු, විසල් තුරු ලතාවන්ගෙන් සුසැදි මනරම්, නිසංසල පරිසරයක පිහිටි බුදුගල්ලෙන චන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානය දකින කාගේත් සිත් ඇදගන්නා පුණ්‍ය භූමියකි. රත්නපුර සිට කිලෝමීටර් 45 ක් පමණ දුරින් රක්වාන ප්‍රදේශයේ පන්නිල ගම් පියසේ උසම ස්ථානයේ, කඳුගැටයක් උඩ පිහිටි මේ වෙහෙර බිමට ශ්‍රීපාද කඳුවැටිය ඇතුළු කඳු පන්තියක් ම අපූරුවට දර්ශනය වේ. දේශීය ආහාර ලෝකයට ම හඳුන්වා දෙමින් ලොව පුරා කීර්ති නාමයක් දිනාගත් ගල්කිස්ස මහා හෝටලයේ ආහාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක පබ්ලිස් සිල්වා මහතා බුදුගල්ලෙන වෙහෙර බිමට පැමිණෙන්නේ මීට ටික කලකට පෙර අහම්බයක් ලෙසිනි. ඒ, එම ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කළ දේශනයකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවක ය. එම ගමනේ දී ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු හමුවීමට ද අවස්ථාවක් කර ගත් අතර, බුදුගල්ලෙන වෙහෙර බිමට යාමට යෝජනා කෙරෙන්නේ එහි දී ය. “මේ පින්බිමට අඩිය තියනකොට ම මගේ සිතට දැනුණේ පුදුමාකාර සැනසිල්ලක්. පන්සල නිසා අවට පරිසරයත්, පරිසරය නිසා පන්සලත් ශෝභාමත් වන බවයි මට සිතුණේ.


ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]