[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දහම දකින පුද්ගල ස්වභාවය

“ධම්මස්ස අනනුබෝධා’ මේ ධර්මය අවබෝධ කර නොගැනීම හේතුවෙන් “ඒවමයං පජා” මේ සත්ත්වයා “තත්තාකුලක ජාතා” පැටලුණු නූල් පන්දුවක් වගේ “අපායං දුග්ගතිං විනීපාතං සංසාර නාදිවත්තතී” අපායට, දුගතියට ගමන් කරනා බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී. ඒ ගාම්භීර ශ්‍රී සද්ධර්මය පොත පතින් දැන හැඳින ගන්නවාට වඩා තමා තුළින් දකිමින් විමර්ශනය කළ යුතු වූවකි. තමා අත්විඳින මේ සකල දුක්ඛස්කන්ධය තමා පසුපස සසර පුරාවට ම පැමිණෙන්නේ දුකෙන් නිදහස් වන්නට ප්‍රයත්නය නොදැරූ බව නිසා යැයි යමෙකුට සිතන්නට අවකාශය ලැබුණි නම්, ඔහු ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අවබෝධ කරගන්නට සුදුසු වූවෙකි. වෙනස් කරගත යුතු චින්තනයක් වෙනස් නොකර ගත් නිසාත්, සම්‍යක් චින්තනයක් වෙනුවට මිථ්‍යා චින්තනයක් තමාගේ දර්ශනය බවට පත්කර ගත් නිසාත් මේ සත්ත්වයා සංසාරය නමැති බන්ධනයෙහි සංසාරය නමැති හිර ගෙදරින් ගැලවෙන්නට බැරිව දුක් විඳිනා බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි. උන්වහන්සේ ලොවට දේශනා කළේ සංසාරය නමැති හිර ගෙදරින් නික්මෙන ක්‍රමවේදයයි. එය වටහා ගැනීම උදෙසා උඩුගම් බලා ගමන් කරන ධර්මයක් මිසක, සාමාන්‍ය මිනිසුන් ගමන් කරන අධර්මයෙන් හැකියාව නොලැබෙනු ඇත.


ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]