[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බුද්ධ රත්නය

යං කිඤ්චි විත්තං ඉධවාහුරංවා - සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන - ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු,
මනුෂ්‍ය ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ බුද්ධ රත්නයට වඩා ප්‍රණීත, ශ්‍රේෂ්ඨ රත්නයක් තවත් නැත්තේ ය, යනු රතන සූත්‍රයෙන් උපුටාගත් ඉහත ගාථාවෙහි අර්ථය යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙව් වන සේක. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වන සේක. සීලාදී ගුණ ධර්මවලින් ද, ප්‍රඥා වීර්යාදී අධ්‍යාත්මික ශක්තිමය ගුණධර්මවලින් ද අතිශයින් පිරිපුන් භාග්‍යවත් වූ බුදුවරයෙකුට වඩා කාය බලයෙන් හෝ,ඤාණ බලයෙන් හෝ, බලවත් වූ වෙනත් කිසි කෙනෙකු දිව්‍ය ලෝකයෙහිවත්, බ්‍රහ්ම ලෝකයෙහිවත්, මනුෂ්‍ය ලෝකයෙහිවත්, කිසිම තැනෙකත් නැත්තේ ය. ‘රතන’ යනුවෙන් හඳුන්වන්නේ මේ ලෝකයෙහි පවත්නා ඉතා වටිනා ශ්‍රේෂ්ඨ වස්තුවකටය. බුදුරජාණන් වහන්සේ රත්නයක් වන්නේ කෙසේදැයි, අපි මෙහි දී සලකා බලමු. පොළොවෙහි සැඟ වී පවත්නා අගනා ඛනිජ වර්ගවලට රත්න යැයි, ඒවායෙහි අගනා බව සලකා අපි කියමු. එසේ කියන්නේ ඒවා නිතර හමු නොවන බැවින් ද, සෑම තැනෙක ම දක්නට නොලැබෙන බැවින් ද යන කරුණු නිසා ය. එහෙයින් ලෝ වැස්සන් විසින් ඒවා අගනා වස්තුන් හැටියට සලකනු ලැබේ. බුදුරජාණන් වහන්සේලා ද ලෝකයෙහි දක්නට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභ ව ය. බුද්ධ රත්නය. ධම්ම රත්නය සහ සංඝ රත්නය ද මිනිස් ලෝකයේ එසේ ඉතා දුර්ලභ ව දක්නට ලැබෙන, අගය කළ නොහැකි වස්තූහු ය. එයිනුදු බුද්ධ රත්නය ම ඉතාමත් දුර්ලභ රත්නයක් වන්නේ, ජීවමාන ව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව දැකිය හැක්කේ ඉතාමත් ම කලාතුරකින් සහ කෙටි කාලයක් තුළ බැවිනි.


වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]