[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර සීමාසහිත ශී‍්‍ර වෛශාඛදාන සංග්‍රහ සමිතිය මගින් මහනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාර වැඩසටහනක් නොබෝදා සමිතියේ කැප්පෙටිපොල අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි. ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ ආගමික කටයුතු ඉටුකරන මහනුවර හන්තාන ධම්මරතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති බෞද්ධාරක්ෂක පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූලියද්දේ සුධම්ම නාහිමියන් උත්සවයේ දී සිය අනුශාසනාව පැවැත්වූ අවස්ථාව. සමිතියේ ප්‍රධාන සභාපති ජේ.පී.ඩී. විතානගේ ප්‍රධාන ලේකම් ඒ ඩබ්ලිව්. ආරියසේන යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය . කේ. බණ්ඩාරනායක

තල්පිටියේ බෝධිරාජ මහා විහාරයේ කඨින පින්කම

වාද්දුව තල්පිටියේ ඓතිහාසික බෝධිරාජ මහා විහාරස්ථානයේ මෙවර කඨින චීවර මහා පින්කම මෙම මස 24,25 යන දෙදින තුළ පැවැත්වේ. 24 වනදා රාත්‍රී 7.00 විශේෂ ධර්ම දේශනයක් පවත්වනු ලැබේ. 25 වන දින අලුයම 3.00 තල්පිටිය ගාලුපාර අංක 221 දරණ ස්ථානයේ දිලිප් කුමාර පෙරේරා මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර වීථි සංචාරය කර, අලුයම 5.30 ට විහාරස්ථානයට ළඟාවීම ට නියමිත ය. පස්වරු 3.00 විශේෂ ආරාධනය මත චීනයේ සිට වැඩමකර සිටින චීන ජාතික මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ දූත පිරිස පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කෙරෙන අතර පස්වරු 4.00 ශතාධික මහ සංඝ රත්නය වෙත ගිලන්පස පූජාව පවත්වනු ලැබේ. එම කඨින පූජා පින්කම විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් සහ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත නිකාරේ ඤාණතිලක හිමියන්ගේ අනුශාසනා, පරිදි විහාරස්ථදායක සභාව, කුළඟන සමිතිය, බෞද්ධ සමිතිය සහ ගම්වාසී දායක පිරිස විසින් සංවිධානය කර ඇත.


වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]