[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ථෙරවාදී බුදු දහම ලොවට බෙදා දෙන ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළට කැපවීමට ශ්‍රී ලංකාව - කාම්බෝජය එක් වී ඇත. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong Mountain) ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ දහයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නා පැළයක් රෝපණය කළ අයුරු.

කටාන බටහිර කළුවාරිප්පුව ශ්‍රී ආනන්දාරාමාධිපති දොඩන්දූවේ ආනන්ද නා හිිමියන් වෙත අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් පිරිනමන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්ම ගවේශී යන ගෞරව සම්මාන නායක පදවිය පිරිනැමීම ඉකුත් 29 දින සිදු විය.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]