[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 බෙල්ලන්විල රාජමහා විහාරය

සිරිලක සුපතල බෙල්ලන්විල රාජමහා විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරයෙහි වංශ කතාව ආරම්භ වන්නේ දෙවනපෑතිස් රජ දවස ශ්‍රී මහා බෝධියෙහි අංකුරයක් මෙම පුණ්‍ය භූමියෙහි රෝපණය කිරීමෙන් පසුව යි. නමුත් ශ්‍රී ලාංකේය ජනතාවගේ පමණක් නොව විදේශීයයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන විහාරස්ථානයක් බවට පත් වන්නේ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නා හිමියන් 1946 විහාරාධිපති ධූරයට පත්වීමත් සමඟ ය. එතැන් සිට වර්තමානය දක්වා ම අතිපූජනීය විහාරස්ථානයක් වශයෙන් මෙම විහාරය චිර ප්‍රසිද්ධියට පත්ව ඇත. බෙල්ලන්විල රාජමහා විහාර වංශ කතාව ආවර්ජනය කරන විට එහි යුග තුනක් දක්නට ලැබේ. දෙවන පෑතිස් යුගය යුගයෙහි විහාරස්ථානය පිහිටුවීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ 6 වැනි පැරකුම්බා රජදවස විහාරය නගා සිටුවීම සහ 19 වන සියවසේ මැද භාගයේ දී තෙන්ගොඩගෙදර තෙරුන් වහන්සේ නැවතත් මෙම විහාරය සොයා ගැනීම යි. ඒවගේම වර්තමානයේ බෙල්ලන්විල විහාරස්ථානයෙහි පුනරුදයට ද යුග පුරුෂයන් හෙවත් යතිවරු තිදෙනෙක් මුල්වී ඇති බව නොරහසකි. මෙම විහාරස්ථානය ලෝ සුපතළ කරනු වස් දිවා රෑ නොබලා කටයුතු කළ වර්තමාන විහාරස්ථානයෙහි නිර්මාතෘ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමි යුගය යි.


නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]