පන්සල් යමු
සම්බුදු මහිමි ගුණ දසත ම රැව් දෙන්නේ
බැතිබර හැඟුම් හද පිරිලා ඉතිරෙන්නේ
තෙල් මල් පහන් දෝතට අරගෙන නිතිනේ
පන්සල් යන්න යමු අපි හැම හඳපානේ
පොල්හේනේ අරියධම්ම හිමි
5 වසර
විද්‍යාරත්න මූලික පිරිවෙන - ගාල්ල
****
ආනන්ද මහරහතන් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හා ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේගේ
ගුණ කඳ අපරිමිත ය. ආනන්ද තෙරුන් සිදුහත් කුමරුගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමී දේවියට
ද පැවිද්ද ලබා දීමට කටයුතු කළහ. බුදුන් වහන්සේ මෙයට අකැමැති වුව ද, අනඳ හිමියෝ
ප්‍රජාපතීගෝතමී දේවිය සුළු මවක වශයෙන් නොව, වැදූ මවක පරිද්දෙන් ගිහි කල සිදුහත්
බෝසතාණන් වහන්සේට ලබාදුන් රැකවරණය හා සෙනෙහස ගැන සිහිපත් කරමින් ඇයගේ උදාර ගුණ
වර්ණනා කොට කාන්තාවට පැවිද්ද ලබා දෙන ලෙස නැවත නැවත ආයාචනා කළහ. අනඳ තෙරුන් උතුම්
රහත් බවට පත් වූයේ බුදුන් වහන්සේගේ පිරිනිවනින් පසුව ය.
එන්.ඩී. හෂානි සංසලා ගුණසේන
9 වන ශ්‍රේණිය
ශ්‍රී උපනන්ද දහම් පාසල- නාරම්මලුව
****
අකුසල් දුරලමු
බුදු බණ අසා සිත සකස් කරගත යුතු ය. අකුසල් අත්හැරිය යුතු ය. කුමන උපායකින් පරපණ
නැසුවත් ඒ හේතුව නිසා සතර අපායේ ඉපදී බොහෝ දුක් විඳීමට සිදුවෙයි.
වරුණගම ධම්මින්ද හිමි
04 වන ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය
හඳපානාගල
****
පන්සලේ දී
පන්සල ගැන දුරට කියන
සුදෝ සුදට අහස සිඹින
ජීවමාන බුදුන් ලෙසින
පළමුව දා ගැබට වඳිමු
බෝපත් සිලි සිලිය නගන
බෝසතුනට සෙවණ දුන්න
බුදුරජුගෙන් දෙනෙත් පිදුන
දෙවනුව බෝ සමිඳු වඳිමු
බුදු හිමි භාවනා කරන
අප හමුවේ දහම් දෙසන
සැතපෙන පිළිමයක් එතැන
තෙවනුව බුදුරුවන වඳිමු
නාකුඹුරේ අතුල හිමි
1 වන ශ්‍රේණිය
ශ්‍රී / බෝධිලංකාර පිරිවෙන
කතරගම
****
දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ රජකළා. එතුමාගේ අම්මාගේ නම විහාරමහා දේවියයි.
කාවන්තිස්ස රජතුමා එතුමාගේ පියා ය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහාසෑය ඇතුලු බොහෝ
වෙහෙර විහාර සෑදුවා. එතුමා අපේ රට එක් සේසත් කළා. අපි එතුමාට ණය ගැති වෙමු.
බී.ඉෂාර නයනක පීරිස්
1 වන ශ්‍රේණිය
ශ්‍රී සුමේධ ධර්මෝදය
දහම් පාසල -විල්පත
****
දියුණුවේ දොරටු
01.නිරෝගිකම, 2.සීලය 3. වැඩිහිටි අවවාද ඇසීම හා පිළිගැනීම, 4.වැඩිහිටියන්ට සැලකීම
5.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව 6.අනලස් බව (පොත පත ඇසුරිනි)
එස්.පූර්ණිමා කල්‍යාණි සමරවික්‍රම
08 වන ශ්‍රේණිය
මධ්‍ය මහා විද්‍යාලය - ගොකරැල්ල
****
සුරාවෙන් වැළකෙමු
පන්සිල් පද අතරින් පස් වන සිල් පදය සුරාපානයෙන් වැළකීමයි. අපේ පන්සලේ ස්වාමීන්
වහන්සේත්, ගුරු මෑණිවරු,මව්පියන් සෑම විටම මත්වතුර බීමේ හා මත් ද්‍රව්‍ය ගැනීමේ නරක
විපාක කියා දෙනවා. මත් වතුර නිසා අඬ දබර ඇති වෙනවා. සමහර අයහපත් පියවරු මත් වතුර බී
දරුවන්ට සැර පරුෂ වචන කතා කරනවා. අම්මලාට පහර දෙනවා. මුදල් ඉපයීම සඳහා නරක මිනිසුන්
ඉගෙන ගන්නා ළමුන්ටත් මත් ද්‍රව්‍ය ලබා දී ළමුන්ගේ අනාගතය විනාශ කරනවා. මත් වතුර හා
මත් ද්‍රව්‍ය නිසා පවුල් විනාශ වේ. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු විනාශ වේ. මේ නිසා අපි
සැවොම මත් ද්‍රව්‍ය හා මත් වතුර විකුණන්නන්ට එරෙහි විය යුතුයි. කුඩා අපි සියලුම
දෙනාට මෙහි ආදීනව කියා දෙමු. පන්සිල් සුරකින හොඳ බොදු දරුවෝ වෙමු.
මහීදි සවිෂ්කා රූපසිංහ
2 වසර
සිරි වජිරාරාමය, කොළඹ 05
****
අම්මා
දිවා රෑ නොනිදමින් තුරුළට රැගෙන දැඩි කළ අපේ අම්මා
නිවා කුසගිනි පිපාසා සැම අපව සුරතල් කළේ අම්මා
මවා සිතිවිලි පෙමින් බන්දා, සිතට ශක්තිය දුනිය අම්මා
දිවා රෑ ඔබෙ දෙපා නමදිමි! බැතින් තෙත් වූ පෙමින් අම්මා
ආදරෙන් ගී සිංදු කියලා – අප නැළවූ අපේ අම්මා
ආදරෙන් ගුරු ගෙදර යවමින් – අකුරු කරවූ අපේ අම්මා
ආදරෙන් ලෙඩ දුකට සැලකූ නිබඳ ළඟ උන් අපේ අම්මා
සාදරෙන් රැක බලා ගත යුතු වේ ය ඒ පින නොමැත නිම්මා
හොරවල සුවත හිමි
3 වන ශ්‍රේණිය
ගා/සිරි අභයතිස්ස මහා පිරිවෙන- මඩකුඹුර
****
දරුවන් දන්දීම
කැකුන්දෙනියේ ශාන්ත හිමි
03 වන ශ්‍රේණිය.
ශ්‍රී බෝධිලංකාර පිරිවෙන කතරගම
****
අංගුලිමාල දමනය
කේ.එච්.එම්. ජනිදු පාරමි
03 වන ශ්‍රේණිය.
ශ්‍රී ප්‍රඥානන්ද මහා පිරිවෙන මහරගම
සංස්කරණය - නයනා නිල්මිණි |