[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සිත රැකගත යුතු ඔබමය

සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුදුසමය තුළ අන්තර්ගත වේ. සිතක ස්වරූපය කෙසේදැයි ඔබෙන් කවුරුන් හෝ ඇසුවහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක් ද? එවැනි අවස්ථාවක දී ඔබට මතකයේ තිබේ නම් බුදුරජාණන් වහන්සේ වරෙක දේශනා කළ ගාථා පාඨයක් සිහියට එනු ඇත. ඒ අන් කිසිවක් නොව “දූරංගමං එකචරං - අසරීරං ගුහාසයං” ගාථාවයි. එමගින් සිත පිළිබඳ ඉතා සරල අවබෝධයක් ලබා ගත හැකි ය. අද අප විමසීමට බඳුන් කරන්නේ තමන්ගේ සිත තමන් විසින් ම ආරක්ෂා කරගත යුතුයි යන කාරණාවයි. එය ප්‍රකට කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයක් ධම්මපද පාලියේ එයි. එය භික්ඛු වර්ගය තුළ අන්තර්ගත ය. "අත්තා හි අත්තනො නාථො - අත්තා හි අත්තනො ගතී
තස්මා සඤ්ඤමයත්තානං - අස්සං භද්‍රංච වාණිජො"
ධම්ම පදයේ භික්ඛු වර්ගයේ අන්තර්ගත ගාථා සමූහයෙන් පෙන්වාදීමට අපේක්ෂා කොට ඇත්තේ භික්ෂුවක සතුවිය යුතු වූ ගුණාංග පිළිබඳ පැහැදිලි කරනු පිණිස ය. එහෙත් භික්ඛු වර්ගයේ අන්තර්ගත ගාථාවලින් කියැවෙන ධර්ම කාරණා භික්ෂූන් සඳහා පමණක් දේශනා කර ඇතැයි, ගිහියනට කිසි වැදගත්කමක් නැතැයි ඉවත දැමිය නොහේ. එම ගාථාවලින් කියැවෙන, ලබාදෙන ධර්ම කරුණු භික්ෂුවට මෙන්ම ඔබටත් එක සේ ම ජීවිතයට ළඟා කරගත හැකි ය. එම නිසා මෙකී දේශනා භික්ෂූන් සඳහා පමණකි යනුවෙන් ලඝු කොට, ඉවත දැමීම බෞද්ධයනට ඔබින දෙයක් නොවේ.


නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]