[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර නිම්නැති රුදුරු ගමනකි

සසර නිම්නැති රුදුරු ගමනකි

මේ සංසාරය කොච්චර දිග ද...? මේ සසර ගමනේ අපට කොච්චර දෙනෙක් හමුවෙන්න ඇද්ද? මහා පුදුම දිග ගමනක්. නිමක් නැති රුදුරු ගමනක්. අප හැම සැපක් ම සසරේ ලැබුවා.

ඒත් ඒ හැම සැපයක්ම තාවකාලික වුණා. අප කාටවත් ලබන්න බැරි වූ එකම සැප ලොව්තුරු නිවන් සැපයි. තවත් අපට ඒ සැප ලබන්න මේ සසරේ කොච්චර යන්න වෙයි ද? හරි අමාරු දුර ගමනක් යන්න තියෙනවා. සිතට වංචා කරලා අපට මේ ගමන යන්න බැහැ. හිතේ තරම දන්නේ අප විතරයි. පන්සිල් පද පහ ජීවිතේට ප්‍රායෝගික නැත්නම් ඵලක් නෑ. සතියෙන් ජීවත් වෙන්න. කායානුපස්සනා, කය දිහා බලා පන්සිල් රකින්න. කය අනුව බලමින් ජීවත් වෙන්න. කය අනුව බලනවානම් ඔබට පුළුවන් ද සත්ව ඝාතනයට අනුබල දෙන්න. බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී දේශනා කළා. ගව ඝාතනයේ දී අහසේ දෙවිවරු පවා හඬා වැටෙන හැටි කිව්වා. පින්වතුනේ. ඔබට මතකද එදා නන්ද හාමුදුරුවෝ. ජනපද කල්‍යාණී ගැන හිතන කොට බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට එක්ක ගිහින් දිව්‍යාංගනාවන් දැක්කට පස්සේ අහනව ජනපද කල්‍යාණි කොයි වගේ ද නන්ද? ස්වාමීනි අපි එනකොට මඟදී හමුවන ගිනිගත් කැලේ වැඳිරිය වගේයි. අප තවම ලස්සන ලෝකය දැකල නැහැ. ඛේමා ඔබට මතකද?... කුණුවෙලා යන ශරීරයට උඩඟු වුණා. හිතන්න ඔබ ඔබේ ශරීරය ගැන ඔය ශරීරය මුතු මැණික් රන් රිදීවලින් හදල නැහැනේ. තුන්සියයක් ඇට, නමසීයයක් නහර. කවදහරි පොළොවට දියවෙලා යනවා.

මගෙ පුතේ, මගෙ දුවේ ඔබත් බුදුහාමුදුරුවන්ගේ බුදු පුතෙක්, බුදු දුවෙක් වෙන්න සිතට ගන්න. නිතරම බුදුගුණ වඩන්න. බුදු බණ අහන්න. එතකොට ජීවිතේ වෙනස් වෙනවා. එදා පසේ බුදුහාමුදුරු නමක් කසිනයට සම වැදිලා වැඩ ඉන්නවා. අවට මිනිසුන් හිතනව ඒ පසේ බුදුහාමුදුරුවන් අපවත් වෙලා කියල. එහෙම හිතල ශරීරයට ගිනි ලෑව. ඒත් පිච්චුනේ නැහැනේ. අනේ ඊට පස්සෙ දවසක උන්වහන්සේ නැගිටලා පිඬුසිඟා වඩිනවා. හිත් හොඳ වුනාම තව කෙනෙක් ගහන පාර අපට වදින්නෙ නැහැ. ඔබේ සිත සමාධිගත කරගන්න. ජීවමාන බුදුගුණ බලයෙන් සෙතක් , ශාන්තියක් ම වේවා.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]