[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගිහි පැවිදි පිළිවෙත් ශක්තිමත් කරන වස්සාන සමය

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසටම ශාසනික වශයෙන් අතිශයින් ම ඵලදායී කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සමය යි. අධ්‍යාත්මික දියුණුව කැමැති සියලුම ශ්‍රාවක පිරිස විසින් ඒ සඳහා ප්‍රගුණ කළයුතු පිළිවෙත් අනුගමනය කිරීමත්, භාවනාවෙහි නිරත වෙමින් කාලය ගෙවීමත් වස් කාලය තුළ සිදු වේ. මෙසේ වස්සාන සමයක් බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ පැවිදි පිරිසට පමණක් නොව ලෞකික දිවියක් ගෙවන ගිහි දායක පිරිසටද ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් සිය මෙලොව හා පරලොව දිවිය යහපත්ව ගෙවීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ය. මෙවැනි පුණ්‍ය කටයුතු සිදුකිරීමට තෝතැන්නක් බඳු වස්සාන සමය ඵලදායීව ගත කළ යුත්තේ කෙසේදැයි යන්න විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ යි. මිනිසුන්ටත්, සතා සිව්පාවුන්ටත්, ගහකොළටත්, සිය පැවැත්ම සඳහා අතිශයින් වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සෘතුව යි. ගී‍්‍රස්ම සමය නිමාවත් සමඟ දැවෙමින් පැවැති සොබාදහම ප්‍රාණවත් වන්නේ වස්සානයේ උදාවත් සමඟ යි.


ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]