[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

කාල සිටුපුත්‍රයා

අනාථ පිණ්ඩික සිටුතුමාට කාල නම් පුතෙක් සිටියේ ය. ඔහු කිසි දිනක පන්සලට ගියේ නැත. පින්දහම් කළේ නැත. විනෝදයෙන් ම කල් ගෙවී ය. සියපුතු වෙහෙරට යැවීමට උපායක් සිතූ පියතුමා පන්සලට ගොස් බුදුරදුන්ගෙන් බණ ඇසුවොත් කහවනු දහසක් දෙන බව පැවසී ය. ඔහු පළමුදින බණ අසා පැමිණි නමුත් කිසිවක් මතක තියාගත්තේ නැත. බණ පදයක් මතක තබාගෙන ආවොත් තවත් කහවනු දහසක් දෙන බව පැවසී ය. බුදුන්වහන්සේ මොහුට බණ පදයක් මතක හිටින්න එපා කියා අධිෂ්ඨානය කළ සේක. ඕනෑකමින් බණ අසා හේ සෝවාන් වීය. මගඵල ලබා ගෙදර ගිය මොහුට පියාණන් කහවනුදීමට සැරසුණි. ඔහුට ලජ්ජාවක් ඇතිවිය.

****

මව්පිය ගුණ

බුදු දහමෙහි මව්පියන් හඳුන්වා දීමේ දී ඔවුනට මහා බ්‍රහ්මයාගේ තත්ත්වය පිරිනමා ඇත්තේ ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණයන්ගෙන්ද සම්පූර්ණ වන්නේ මව්පියන් ය. මව්පියෝ මෛත්‍රී සහගතව දරුවෝ රකිති. දරුවන්ගේ යහපත උදෙසාම ක්‍රියා කරති. දරුවන්ගේ දුක සැප දෙකේ දී ම අත නොහැර සිටිති. මෙත්තා හෙවත් මෛත්‍රිය යනු මිතුරු සිත ය. එනම් තමන්ටත්, අනුන්ටත් වෛර නොකිරීම යි. කරුණාව යනු අනුන්ගේ දුක් ගැන කම්පා වීම ය. ඒ දෙස දයාවෙන් බැලීම ය. දුකට පිහිට වීම ය. මුදිතා යනු අනුන්ගේ සැපත ජයග්‍රහණය ද දැක ඊර්ෂ්‍යා නො කිරීම යි. සතුටු වීම ය. උපේක්ෂා යනු මැදහත්කම යි.

****

මතකය

මිහිඳු සමිඳු ගෙන වැඩියා සිරි සදහම් මෙත් කරුණා
ඒ කරුණා ගුණ බලයෙන් මේ රට සුවපත් කෙරුණා
මිහිඳු සමිඳු කළ සේවය උතුම්ය අපහට කරුණා
පොසොන් සඳත් පායන විට ඒ මතකය යළි ගෙනෙනා

පොසොන් පෝය වැදගත්කම අපි හැම දෙන දන්නා
පොසොන් පෝය පැමිණෙන තුරු මග බල බල උන්නා
පොසොන් පෝය ළංවන විට හැම සිත් දුක් නිවුනා
මිහිඳු සමිඳු පිළිගන්නට පහනින් ලක්දිව දිළුණා

****

තිස්ස රජ

මුව දඩයමට හරි ආසයි හිත දුවන
තිස්ස රජ ගියේ දුනු ඊතල රැගෙන
තිස්ස තිස්ස රජ ටිකකට නවතින්න
මිහිරිය පියකරුය රජුහට ඒ වදන

අනුබුදු හිමිගෙ බණ අහලා සිත හැදිලා
සතුන් මරන්නැහැමින් පසු මම කියලා
වෙහෙර විහාරත් හැකි තරමින් හදලා
මිය ගියෙ රජ හොඳින් රට පාලන කරලා

****

සාමය පතමු

තෙවරක් බුදු පහස ලැබූ මේ සිරිලක් අප පින්බිම
මිහිඳු සමිඳු වැඩිය තැනේ මුල් බැසගති උතුම් දහම
දහම් දිවයිනක් වූයේ එදා පටන් මේ මව්බිම
අපහට දැන් උරුම ඇතේ ඒ ගරු නම රැක ගැනීම

බොදුනු, කිතුනු හින්දු සමඟ මුසල්මනුද අප සැවොමා
ලක්බිම පොදු උරුමය රැක, සමගිය පතනා සැවොමා
සාමය සමගිය බිඳලන, ගති පැවතුම් පසෙක දමා
රට දැය සමය රැකගැනුමට මෙත් කරුණා වඩමු සැමා

****

මව් සෙනෙහස

මහා කරුණා දයා නදියේ හොවා සඟවා ආදරෙන්
මහා කරුණා දයා ගුණයෙන් අපව බිහිකළ ආදරෙන්
මහා දුක් වේදනා දැරුවේ දකින්නයි අප ආදරෙන්
මහා කරුණා දයාවෙන් අපෙ මවුන් අමතමු! ආදරෙන්

සිරුරෙ දිවයන රුධිර ධාරා කිරට හරවා සෙනෙහසින්
සයුරෙ රළ මෙන් නැගෙන දුක හා සතුට ඉසිලූ සෙනෙහසින්
සසරෙ සැමදා එකට ඉන්නට පැතුම් පතමින් සෙනෙහසින්
සසරෙ මතු බුදුවන්න පෙරුමන් පුරයි මව්වරු සෙනෙහසින්

****

බුද්ධ උපස්ථානය

****

මහින්දාගමනය

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]