[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

හෙළදිව ධර්ම ද්වීපයක් වූ පොසොන් පෝදා

පොසොන් පුන් පෝදා ලංකාවාසී අප සියලු දෙනාට ම ඉතාමත් ම වටිනා දිනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත්, දෙවනපෑතිස් රජතුමාට බුදුදහම දෙසා අවබෝධ කරවීමත්, ශ්‍රී ලංංකාවේ සම්මාසම්බුද්ධ ශාසනය පිහිටුවීමත්, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම හා දෙවනපෑතිස් රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කිරීමත්, භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කරවීමත් පොසොන් පුන් පොහෝ දා සිදු වූ නිසා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218 ක් ගතවනවිට බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ භික්ෂූන් විනය විරෝධීව කටයුතු කරන්නට වූ හෙයින් භික්ෂු ශාසනය පිරිසුදු කොට ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පිණිස ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ විසින් රටවල් නවයකට ධර්මදූතයාණන් වහන්සේලා පිටත්කර යවන ලදහ. ඒ වන විට ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව බුදුසමය හාත්පස පැතිරෙන්නට වූ නමුත් අනාගතයේ දී බුදු සමය දඹදිවින් තුරන්ව යන බව දිවැසින් දුටු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විශේෂයෙන් ම දඹදිවින් පිටත පිහිටා තිබුණු දුර බැහැර රාජ්‍යවලට මෙසේ ධර්ම දූත පිරිස් පිටත් කර යැවූ සේක. බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ ද ඒ අනුව ය.


පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]