[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුදබිම


සම අනුග්‍රහය
ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී මෙම මස 15, 16, 17 යන තෙදින තුළදී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙනුයේ 57 වන වසරට යි. එහි සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැත් වීමට නියමිතය. මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි ප්‍රදානය දහසක් සිල් පිරිස වෙත සිදු කෙරේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ පාලන අධිකාරියේ පූර්ණ මෙහෙයවීමෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.


පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]